
(කාංචන කුමාර ආරියදාස)
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි
ඉන්දියාව , පකිස්ථානය , ඕලන්දය තුත්තුකුඩි ,ඉරාන් ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ලූනු ආනයනය කිරීම සීමා වීමත් සමඟ එක වරම දේශීය සහ විදේශීය ලොකු ලුනු මිල ඉහළ යාමට හේතු වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද(20 ) උදෑසන දේශීය ලොකුළුණු කිලොවක ගැනුම් මිල රුපියල් 380-400 ත් අතර තොග මිලක් පැවැති බව වෙළෙන්දෝ පෙන්වා දෙති.
ඉතා සීමිත ගොවීන් පිරිසක් එම මිල ඉහළ යෑමේ වාසිය ලබා ගත්ත ද පසුගිය කාලයේ ගොවීන්ගෙන් ඉතා අඩු මුදලට දේශීය ලොකු ලුනු අස්වනු මිලදී ගත් ව්‍යාපාරිකයන් එම ලූනු සඟවා තබාගෙන මිල ඉහළ යෑම දැමීම සිදුකර තිබෙන බවද කියති.
මිල පිළිබඳව විමසීමට ගිය අවස්ථාවේදී ලූනු අලෙවි කිරීම සඳහා රැගෙන විත් සිටි අයගෙන් මිල විමසීමේදී සහ තොරතුරු විමසීමේදී ඔවුන් ද සනාථ කළේ ඔවුන් මීට පෙර ගොවීන්ගෙන් අඩු මුදලට මිලදී ගෙන ඒවා ගබඩා කර මිල ඉහළ යෑම නිසාවෙන් විකිණීමට රැගෙන ආ බවය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සී.එස් .සිරිවර්ධන මහතාගෙන් විමසීමේදී ඔහුද කියසිටියේ මේ වන විට වර්ෂාපතනය සහ ඉතා ගුණාත්මකභාවයෙන් ඇති ලූනු නොමැති වීම නිසා හොඳ ලූනුවලට ඉහළ ඉල්ලුමක් පවතින බවයි
ඉදිරියේදී මිල යම් මට්ටමකින් තවදුරටත් ඉහල යා හැකි බව ඔහු අවධාරණය කළේය කෙසේ වෙතත් තවත් මාසයක පමණ කාලයක් යද්දී විදේශ රටවලින් ලොකු ලුනු ඇනවුම්කර තිබෙන බවත් ඒවා ලැබෙද්දී මිල පහත වැටෙනු ඇති බව ඔහු වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.

2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දේශිය ලූනු තොග මිල ඉහළට
Chethana Wednesday, 20 November 2024 02:52 PM
ලංකාවේ ලොකු ලූනු දැන් මිලත් වැඩියි. ඒවා කල්තබා ගැනීමත් ඉතාමත් අමාරුයි මොනවා වෙයිද?
රටවැසියා Wednesday, 20 November 2024 02:53 PM
මෙයාලා ආවේ දේශිය ගොවියා ආරක්ෂා කරනවා කියලා නේද? ආනයනය කරන්නත් ඩොලර් ඕනේ. ණයගත් ඩොලර් වලින් තමයි ලෝකෙට ණයවෙලා කන්න දෙන්නේ. බලයට එන්න ඉස්සෙල්ල කියපු දේවල් බලයට ආපුවම කරන්න අමාරුයි කියල දැන් තේරෙනවා ඇති.