IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දෙවැනි මහලෙන් වැටුණු පෙදරේරුවා මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ පානදුර සුමිත් පොතුපිටිය)

පානදුර උතුර කෙසෙල්වත්තේ  ගම්මැද පාර ඉඳිකරමින් පවතින සුඛෝපභෝගී තෙමහල්  නිවසක දෙවන මහළෙ අනාරක්ෂිත කොරිඩෝවෙන් පහලට  ඇදවැටීමෙන් ප්‍රධාන පෙදරේරුවා රී  මියගොස් ඇතැයි පානදුර උතුර පොලීසිය සඳහන් කරයි

මෙලෙස මියගොස් ඇත්තේ මාතර හක්මන ප්‍රදේශයේ පදිංචිව සිටි ඉන්දික නිරෝෂන්  40 හැවිරිදි තිදරු පියෙකි

මියගිය ප්‍රධාන පෙදරේරුවා  ගෝලයන් තිදෙනකු  සමඟ සුඛෝපභෝගී නිවසේ දෙවන මහලේ කාමරයක පැදුරු දමා ඒ මත  මත්පැන් සාදයක් පවත්වා ඇති අතර  අනතුරුව වෙරිමත වැඩි වූ බැවින්  පිරිස ආහාර නොගෙනම නින්දට ගොස් තිබූ බව පොලිසිය කියයි.

අළුයම අවදිව බලන විට ප්‍රධාන පෙදරේරුවා  බිම් මහලේ බිම දමා තිබූ කම්බි ගොඩක් මත  උඩබැලි අතට  ඇද වැටී සිටින  අයුරු එක් සේවකයෙක් දැක  ඒ බව පොලිසියට දැනුම් දී ඇත

සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා පාණදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන් සමඟ එම ස්ථානයට ගොස්  විමර්ශන සිදු කළහ

මියගිය ප්‍රධාන පෙදරේරුවා  සමඟ සිටි පිරිසගෙන් ප්‍රකාශ ලබාගත් බවද පොලිසිය කියයි . මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිත ය 

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ,සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සියලු රස මහත්වරුන්ගේ උපදෙස් මත පානදුර උතුර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  වි චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

මියගිය  ප්‍රධාන පෙදරේරු ඉන්දික නිරෝෂන්  40 තිදරු පියා



අදහස් (0)

දෙවැනි මහලෙන් වැටුණු පෙදරේරුවා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 387 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site