IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


දරුවාගේ කකුල් බකල්ද?

කුඩා දරුවන්ට ඇති වන විකෘතිතා අතර බහුල ලෙස දැකිය හැකි තත්ත්වයක් වශයෙන් කකුල් බකල්වීම හැඳින්විය හැකිය. වෛද්‍ය විද්‍යාත්මකව මෙය ජිනු වේරම් ලෙස හැඳින්වේ. මෙම තත්ත්වය පිළිබඳව මෙන්ම ඒ සඳහා සිදු කළ හැකි භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව මවුවරු දැනුම්වත්වීම ඉතා වැදගත්ය.

බොහෝ දරුවන්ගේ මෙම තත්ත්වය උපතේදීම දැකිය හැකිය. එහෙත් අවුරුදු දෙකක පමණ කාලයක් ගත වූ පසු ස්වාභාවිකවම මෙම තත්ත්වය මගහැරී යන අවස්ථා ද දැකිය හැකිය. එහෙයින් වෛද්‍ය මතය වන්නේ දරුවන්ගේ මෙම බකල් ස්වභාවයට අවුරුදු දෙකක් යනතුරු ප්‍රතිකාර නොකළ යුතුය යන්නයි.

එහෙත් වර්තමානයේ මේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමේදී මීට මුල් අවස්ථාවේ සිටම ප්‍රතිකාර කිරීමේන් බකල්වීමේ ප්‍රවණතාව අවම කරගත හැකිය.

කකුල් බකල්වන ප්‍රධාන හේතුව

පාදවල ඇතිවන බකල් තත්ත්වයන්ට ප්‍රධාන හේතුව වන්නේ දරුවන් ස්වෝත්සහයෙන් නැඟී සිටීමට ප්‍රථමයෙන් මවුපියන් විසින් දරුවන් නැඟිටුවා තැබීමට උත්සාහ දැරීමයි. එහිදී ස්වාභාවිකව සිදු විය යුතු මෙම ක්‍රියාව ආයාසයෙන් සිදු වීම නිසා පාදවල බකලතාව ඇති වේ.

එමෙන්ම මේ තත්ත්වය අධික බරින් යුක්ත දරුවන්ගෙන්ද දිස් වේ. බොහෝ විට කුඩා අවධියේදී නිසි ප්‍රමාණයට වඩා බර වැඩි දරුවන්ගේ බර, පාදවලට දරා ගැනීමට අපහසුවීම නිසා මෙම තත්ත්වය ඇති වේ. මීට අමතරව ඔස්ටියෝපොරෝසිස්, මාංශ පේශිවල දුර්වලතා ආදී තත්ත්වයන්ද මේ සඳහා හේතු වේ.

නිසි වයසට පෙර ඇවිදවීමේ උපකරණවල තබන්න එපා

එමෙන්ම යම් දරුවකු නිසි වයසට පෙර සිටගන්නා අවස්ථාවලදී මෙන්ම දරුවන් ඇවිද්ද වීමේ උපකරණවල (walker) යෙදවීම නිසාද මෙවැනි බකල තත්ත්වයක් ඇති විය හැකිය. එමෙන්ම ‘රිකට්ස්’ නම් වූ රෝගී තත්ත්වය නිසා ද මෙම පාද බකලතාව හෙවත් ජිනු වේරම් (genu verum) තත්ත්වය ඇතිවේ. පාද බකලතාව හෙවත් ජිනු වේරම් රෝගය නිවැරදි කර ගැනීම සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර යොදාගත හැකිය.

පෝෂණ ඌනතාවත් බලපායි

මෙම රෝගය සඳහා ප්‍රතිකාර සිදු කිරීමට පෙර මූලික වශයෙන් දරුවාට ‘රිකට්ස්’ නම් වූ රෝගී තත්ත්වය වැළඳී ඇත්දැයි යන්න පිළිබඳව සනාථ කරගත යුතුය. එමෙන්ම දරුවාගේ යම් පෝෂණ ඌනතාවක් නිසා මෙම තත්ත්වය ඇති වී දැයි යන්න සොයා බැලිය යුතුය. බොහෝ විට සීරම් කැල්සියම් මට්ටම මෙහිදී බලපායි. එහෙයින් රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට පෙර ඒ තත්ත්වයට මූලික හේතුව සොයා බැලීම වැදගත් වේ.

ප්‍රතිකාර

මෙම ප්‍රතිකාර සිදු කිරීමේදී පේශි ශක්තිමත් කිරීම පිළිබඳව මූලික අවධානය යොමු කෙරේ. එහිදී විශේෂයෙන්ම පාදයේ Quadricep පේශි ශක්තිමත් කිරීමට කටයුතු කරයි. එම පේශි ශක්තිමත් කිරීමේදී පාදයේ අස්ථිවලට යොමුවන බර නිදහස් වන අතර පාදයේ බකලතාව මගහැරී යයි. මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා භෞතචිකිත්සක ප්‍රතිකර්මවලට අදාළ වන ව්‍යායාම කළ හැකිය. ඒ සඳහා කළ හැකි ව්‍යායාම කිහිපයක් හඳුනාගත හැකිය.

එනම්, ග්‍රෑම් 100ක් පමණ බර වැලි කොට්ටයක් දරුවාගේ වළලු කරෙහි එල්ලා දරුවාට එය ඔසවන්නට සැලැස් වීම මේ සඳහා සිදු කළ හැකි එක් ප්‍රතිකර්මයකි.

මෙහිදී පාදයේ මාංශ පේශි ශක්තිමත් වේ. මෙමඟින් අස්ථිවලට යොමුවන බර නිදහස් වී පාදය යථාතත්ත්වයට පත් වේ. මෙම ව්‍යායාමය සතියක් පමණ එක දිගට සිදු කිරීමෙන් පසුව නැවත වැලි කොට්ටයේ බර ග්‍රෑම් 50කින් පමණ වැඩි කර දරුවාට එය ඔසවන්නට සැලැස්විය යුතුය.

ඒ ආකාරයට දරුවාගේ පාද බකලතාව යථාතත්ත්වයට පත් වනතුරු වැලි කොට්ටයේ බර සතියෙන් සතිය ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණවලින් වැඩි කිරීම කළ යුතුය. එමෙන්ම මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පාපන්දුවකට පයින් ගැසීමට සැලැස්වීමද සුදුසු ප්‍රතිකර්මයක් වේ. එහිදීද පාදයේ මාංශ පේශි ශක්තිමත් වී පාද අස්ථිවලට යොමුවන බර නිදහස් වේ.

ව්‍යායාම

ට්‍රයිසිකල් පැදීමට යොමු කිරීම, තරප්පු නැඟීම ආදියද මෙහිදී සිදු කළ හැකි තවත් ව්‍යායාම කිහිපයකි. එමෙන්ම මෙම තත්ත්වයේදී දරුවා නිදියන අවස්ථාවල දරුවාට මර්මේඩ් ස්පලින්ට් (Murmaid splint)  හෝ මිඩියල් ස්පිලින්ට් (Medial Splint) යෙදීම කළ හැකිය. දරුවා රාත්‍රියේ නිදාගත් අවස්ථාවේ පතුරු තබා බැඳීම සිදු කළ හැකි අතර මෙය පැය 5ක් 6ක් පමණ යෙදීම කළ යුතුය. එහිදී තදින් බැඳීම නොකළ යුතුය. යම් හෙයකින් පතුරු බැඳීමේදී තද වැඩි වුව හොත් රුධිර ගමනාමනයට බාධා වී, පාදයේ ඇඟිලි හා පතුල නිල් පැහැ වී, සීතල වී ඉදිමිය හැකිය. එහෙයින් එලෙස පතුරු බඳින ලද අවස්ථාවලදී දෙමාපියන් ඒ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ.

එවැනි තත්ත්වයක් දුටු වහාම පතුරු ලිහිල් කිරීම කළ යුතුය. දරුවාගේ ආබාධය යහපත් තත්ත්වයට පත් වී ඇති බව නිවසේදීම මැන ගත හැකි ක්‍රමයක් නම් දරුවාගේ වළලු කර එකට සිටින සේ තබා, දණහිස් දෙක අතර දුර ප්‍රතිකාර කරන අතරතුර මැනීමය. ප්‍රතිකාර කිරීමේදී දරුවාගේ දණහිස් අතර පරතරය ක්‍රම ක්‍රමයෙන් අඩු වී ඇත්නම් දරුවා යථාතත්ත්වයට පත්ව ඇති බව නිගමනය කළ හැකිය.

-සටහන- ගයාන් සූරියආරච්චි



අදහස් (0)

දරුවාගේ කකුල් බකල්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වෙසක් උත්සවයට අද සිට විශේෂ දුම්රිය සේවා
2025 මැයි මස 09 72 0

වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
2025 මැයි මස 09 664 0

මාදුරුඔ‍ය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය


බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක
2025 මැයි මස 09 527 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව


අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
2025 මැයි මස 09 136 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ළමා නිවාසයක සිටි බිළිදෙක් මියගිහින්
2025 මැයි මස 09 353 0

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි


පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 1016 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1239 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 314 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1340 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site