IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දරුවන් වෙනුවෙන් හිඟා කන්න සූදානම්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හිඟා කාල හරි පාසල්  දරුවන්ට ආහාර වේලක් ලබාදීමට හැකිනම් තමා  එය කරන බව  සභානායක, අධ්‍යාපන  අමාත්‍ය  ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය

දරුවන් වෙනුවෙන් යමක් කිරීමට හැකිනම් එය කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලා සිටින බව හෙතෙම සඳහන් කළේ‍ය.

ඔහු මෙසේ පැවසුවේ ප්‍රේමජයන්ත අමාත්‍යවරයා   සිඟා කමින් ආධාර එකතු කරන බවට කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා මැති සබයේදී  ඊට පෙර දින  කළ ප්‍රකාශයට පිළිතුරු දක්වමිනි.

තමාට ඇමැති ධූරය අද නැති වුණොත් හෙට සිට උසාවියට යා හැකි  නමුත් මිනිසුන්  හෑල්ලුවට ලක්කර කතා කරන  පුද්ගලයන්ට එලෙස යන්නට තැනක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

ඇමැතිවරයා එහිදී මෙසේද පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදයෙන් ලබාදුන්න ආහාර තොගයක් සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ පෙරේදා කතා කරලා තිබුණා.ඒක  මාධ්‍යවලත් ගිහින් තිබුණා.දැන් විතරක් නෙවෙයි අපි පාසල් යන කාලෙත් පීඑල් 480  යටතේ ඇමරිකාවෙන් ලැබුණු පිටි වලින් බිස්කට් හදලා දුන්නා. ලෝකයේ බොහෝ රටවල් ඒ ඒ රටවල ප්‍රතිපත්ති එක්ක අනිත් රටවල්වලට උදව් කරනවා. පසුගිය කාල සීමාව තුළ රටේ ඇති වුණ තත්වයත් එක්ක අපි කවුරුත් දන්නවා යුනිසෙෆ් ආයතනයේ වෛද්‍යවරුන්  ළමා මන්දපෝෂණය ගැන කතා කරනවා. දරුවන්  පාසල්වලට එනකොට හරි පෝෂණයක් නැත්නම් ඒක ප්‍රශ්නයක්. බුදුන් වහන්සේ කිව්වෙත් ධර්ම දේශනා කරන්න කලින් ආහාර වේල දීල ඉන්න කියලයි. මම මේ අමාත්‍යාංශය බාරගෙන මාස දෙකයි. ආපු දා ඉඳලා කල්පනා කළේ දරුවන්ට ආහාර වේලක් ලබා දෙන්නේ කොහොමද කියන එකයි . ප්‍රාථමික අංශයේ දරුවන්  ඉන්නවා දහසය ලක්ෂයක් . තෝරාගත් ප්‍රදේශවල දරුවන් ලක්ෂ 11කට පෝෂණය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා . එය තව ශක්තිමත් කරන්න ඕන. ඒ නිසා ඇමරිකානු එක්සත් ජනපදයේ තානාපතිවරිය එක්ක, සේව්ද චිල්රන්ඩ් එක, යුනිසෙෆ් සංවිධානය, ලෝක ආහාර සංවිධානය සමඟ මම කතා කළා.

අපේ රටේ තිබෙන ආර්ථික තත්වය මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම දන්නවා. අපිට යම් ආකාරයක ආධාරයක් ලැබෙනව නම් එය ලබා ගැනීමයි අපේ යුතුකම. එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්  තමයි ටොන් 3000ක සැමන්, කහ, පරිප්පු ලබාදුන්නේ. සේව්ද චිල්රන්ඩ් එක තමයි සුපරික්ෂණය කරන්නේ. මේකට වෙන කණ්ඩායම් යොදවලා උයලා පිහලා දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් යනවා. ඒක බාරගන්න තමයි මම ගියේ. මම කළු සූට්එක ඇදලා උසාවියට ගිහින් විත්තිය වෙනුවෙන් පෙනී සිටින කොට සමහරුන්  විත්ති කූඩුවේ හිටියා. ඒ අයට අමතකයි අපි කළු සූට් ඇඳුපු අය කියලා. එහෙම නැතුව නිකම් පම්පෝරි ගහන්නේ නැතුව වැඩ කරන්න කියලා ඉල්ලා සිටිනවා.



අදහස් (11)

දරුවන් වෙනුවෙන් හිඟා කන්න සූදානම්

ඉල්ලන්කා Thursday, 01 September 2022 12:42 PM

කණ පුලන්ඩ දි ඇත

:       2       9

සඳුන් Thursday, 01 September 2022 12:58 PM

ස්තුතියි ඔබතුමන්ලා සියලු දෙනාටම ලංකාවේ උප නූපන් සියලු දූ දරුවන්ට බලාපොරොත්තු සහිත අනාගතයක් උදාකර දුන්නාට. ඒ සඳහා ඔබතුමන්ලා මෙලොවට බිහිකළ තළ දෙමාපියන්ට පිං.

:       3       11

senaThursday, 01 September 2022 01:56 PM

මේ මිනිස්සු නෙවෙයිද හොරාකාලා/ එහෙමත් නැතිනම් හොරාකන්න උදව්වෙලා අපි සහ අපේ දරුවෝ හිඟමනට පත්කළේ...? දැන් මේ බොරුවට දෙපැත්තට බෙදිලා රණ්ඩු කළාට...

:       0       0

fairoosThursday, 01 September 2022 02:08 PM

රට හිඟාකන තත්ත්වයට පත්කරේ ඔතන ඉන්න සෙට් එකම තමා.

:       0       7

ravin Thursday, 01 September 2022 01:20 PM

ඇයි හිගා කන්නෙ? අමතකද ලමයි ඉස්කොලෙ දාපු හැටි. එවාගෙන් පුලුවන් අහින්සක දූදරුවන්ට උදවු පදවු කරන්න.

:       1       12

Prabha Thursday, 01 September 2022 01:37 PM

රට හිගමනට වැටෙනකන් ඉදල තව කයියත් ගහනව.

:       0       1

sam Thursday, 01 September 2022 02:03 PM

අර දෙල්කඳ පොලේ දාපු පඩ ශෝ එක වගේ එකකට තමයි මේ ගොයියා මේ අර අඳින්නේ. මෙයාට තනතුරක් පෙන්නුව ගමන්ම කරන්න ගිය වැඩේ පැත්තක දාලා රිවර්ස් ගියර් එකේ නොදන්නවා වගේ ආපස්සට ගන්නවා.

:       0       6

kapila Thursday, 01 September 2022 05:57 PM

දැන් ඉතින් අමුතුවෙන් හිඟාකන්ට දෙයක් ඉතුරුවෙලා තියෙනවාද?

:       0       0

podi mole Thursday, 01 September 2022 06:05 PM

ළමයි ලොකු ඉස්කෝලවලට දාන්න කාගෙද නෝනගේ බැංකු ගිණුමට දෙමාපියන් හිඟාකාලා හම්බකරපු ලක්ෂගණන් සල්ලි වැටුණලු. එයින් ටිකක් ගන්න බැරිවෙයිද?

:       0       1

Bamunuarachchi Saturday, 03 September 2022 07:59 AM

ඔහේ හින්ගාකන්න එපා දරුවන්ගේ අධ්‍යාපනය කාපු අර දුප්ලිකෙට් ඉස්ටාලින් ගොයියා හා අනිත් උන්දැව ගස් බන්දලා වටේ ගිනිගොඩක් ගහනවකෝ.

:       1       0

akila Sunday, 04 September 2022 01:51 PM

හැම තිස්සේම ඔහේ තමයි මහදැනමුත්තා... අවශ්‍ය නම් කියන්න අපි ඔහෙව නොමිලේ මානසික රෝහලකට ඇතුල් කරන්නම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site