විනීතා එම් ගමගේ
රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කිරීමට කිසිදු සහයක් නොදෙන බව කී දෙමළ ජාතික සන්ධානයට ස්ථාවරය වෙනස් කරගැනීම සඳහා පොළඹවා ගන්නට එක්සත් ජාතික පක්ෂය විසින් දුන් පොරොන්දු මොනවා දැයි ජනතාවට හෙළි කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
හදිසියේම තම ස්ථාවරය වෙනස් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කරන්නට උවමනා බවත් ඊට සහය දෙන බවත් කියන දෙමළ සන්ධානය අතලෙවකෑමට මී කඩන ජාතියේ පක්ෂයක් නොවන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.
2001 මැතිවරණය සමයේ අලි කොටි ගිවිසුමක් ඇතැයි මංගල සමරවීර මහතා හෙළිකළ බවත් එජාපය එය ප‍්‍රතික්ෂේප කර බලයට පැමිණ කොටි ප‍්‍රදේශවල මායිම් පවා පිළිගත්තේ යැයි ද කී අමාත්‍යවරයා එහි දී ඊළම් රාජ්‍යයට නොනිල පිළිගැනීමක් පවා ලබා දුන්නේ යැයි ද සඳහන් කළේය.
එහිදී අන්තර්කාලින ස්වයං පාලන අධිකාරියක් පිහිටුවීමට කටයුතු කළ එජාප ආණ්ඩුව බුද්ධි අංශ පාවාදෙමින් හමුදා කඳවුරු පවා උතුරු නැගෙනහිරින් ඉවත් කළ ගත් බවට හෙතෙම චෝදනා කළේය.
අනතුරුව 2015 දී අලි කොටි ගිවිසුමක් පිළිබඳව හෙළි කරමින් ගිවිසුමක පිටපත් තිස්ස අත්තනායක මහතා හෙළි කළ අවස්ථාවේ එතුමා කූට ලේඛන සැදු බවට චෝදනා කරමින් හිරේ දැමු බවටත් අවසානයේ එකී ගිවිසුමේ තිබු දේ එකින් එක ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම, උතුර නැගෙනහිර යළි එක් කිරීමට කටයුතු කිරීම, හමුදා කඳවුරු ඉවත් කිරීම, කොටි ත‍්‍රස්තවාදින් නිදහස් කිරීම සිදුවූයේ මේ සමයේ යැයි ද ඔහු කීය.
අලි කොටි ගිවිසුම් දෙකකින් බැට කෑ මෙරට ජනතාවට ඊළඟ අලි කොටි ගිවිසුමෙන් සිදුවන්නේ මොනවා දැයි දැනගැනීමට අයිතියක් ඇති බැවින් එම ගිවිසුම් හෙළි කරන්නැයි එජාපයට බල කරන බව ගම්මන්පිල මහතා පැවසීය.
උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිටකොට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ පැවැති එම පක්ෂයේ මාධ්‍ය හමුව අමතමිනි.
අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දෙමළ සන්ධානයේ ස්ථාවරය වෙනස් කරන්න දුන් පොරොන්දු මොනවාදැයි ගම්මන්පිල අහයි