IMG-LOGO

දුම්රිය - වෑන් අනතුරින් ගුවන් සෙබළා මරුට

(සුමිත් පොතුපිටිය ) කළුතර උතුර ප්‍රදේශයේ අද (31) අලුයම දුම්රියක් සහ ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ගුවන් හමුදා සෙබළකු මියගොස් තවත් සෙබළකු තුවාල ලබා ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි . අනතුරෙන් මියගොස් ඇත්තේ වීරවිල ගුවන් හමුදා කදවුරේ රාජකාරි නියුතු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි සෙබළකු බවත් , බුත්තල ප්‍රදේශයේ පදිංචි සෙබළකු තුවාල ලබා ඇති බවත් පොලිසිය කීය. අලුයම 1.33 ට පමණ දුම්රිය කළුතර දෙස සිට කොළඹ දෙසට ගමන් කර ඇති අතර , වෑන් රථය මුහුදු වෙරළ දෙස සිට ගාලුපාර දෙසට දුම්රිය හරස්මග හරහා යොමු කිරීමේදී අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි . තුවාල ලැබූ සෙබළුන් දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර , එහිදී එක් සෙබළකු මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.



අදහස් (0)

දුම්රිය - වෑන් අනතුරින් ගුවන් සෙබළා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site