IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දිනේෂ් ෂාෆ්ටර් මරා දමලා

(නිමන්ති රණසිංහ)

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති කළ පීඩනයක් හේතුවෙන් සිදුවූ අපරාධයක් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය එම මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අද (31) ප්‍රකාශ කළාය.

ඒ අනුව එම අපරාධයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළාය.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන්ද උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ආරම්භ කරන ලෙසටද අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කෙරිණ.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම සඳහා පත් කෙරුණු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවේ අවසන් වාර්තාවද මරණ පරීක්ෂණයේදී ඉදිරිපත්වූ පරීක්ෂණ වාර්තා ඇතුළු සියලු වාර්තාද සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කරන බව මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය.

මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කරනු ලැබූ මෙම තීන්දුවේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

"අධිකරණයේ නිරීක්ෂණ සටහන් ද, ඉදිරිපත්වූ සාක්ෂි ද, මුල් අවස්ථාවේදී ඉදිරිපත්වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද, අධිකරණයෙන් පත් කළ පංච පුද්ගල වෝහාරික විශේෂඥ වෛද්‍ය කමිටුවේ බහුතර එකඟත්වයෙන් නිකුත් කරන ලද වාර්තාව (හතර එක ලෙස තීරණය කරන ලද බහුතර මතය) සැලකිල්ලට ගනු ලැබුවා.

මෙම මරණයට දෘශ්‍යමාන හේතුව මරණකරුගේ ගෙල සහ මුහුණ මත පීඩනයක් යෙදීම බව තීරණය කරමි. ඉහත කරුණු අනුව අපරාධයක් සිදුව ඇති බවට සාධාරණ සැකයක් ඇතිවේ.

ඒ අනුව වැඩිදුර විමර්ශන පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට නියෝග කරමි. ඥාතීන්ට මරණ සහතිකය ඉදිරිපත් කරමි.

 

 



අදහස් (5)

දිනේෂ් ෂාෆ්ටර් මරා දමලා

Perera Wednesday, 01 November 2023 11:02 PM

මුලින් බොරු වෛද්‍ය වාර්තාවක් හදලා හැමෝම රවට්ටන්න හදපු අධිකරණ වෛද්‍ය නිලධාරියා කෝ

:       0       14

Manjula Saman Wijaya Bandara Wednesday, 01 November 2023 11:05 PM

මොනතරම් විශිෂ්ට සොයාගැනීමක්ද. මෙය හඳුනා නොගත්තේ නම්, අපි සියල්ලෝම සිතුවේ එහි ස්වාභාවික මරණයයි. ... lol

:       0       12

Tikiri Thursday, 02 November 2023 09:33 AM

මෙච්චර බුද්දිමත් අධිකරණයක් සහා පොලිසියක් ලෝකේ වෙන කිසි රටක නැතිව ඇති . ගෙල සහ මුහුණ ආවරණය වෙලා වෙච්ච ස්භාවික මරණය මාස 6-7 කට පස්සේ හොයාගත්ත එක ප්‍රශංස කරන්න ඕන.

:       0       21

Tikiri Thursday, 02 November 2023 09:34 AM

මෙච්චර බුද්දිමත් අධිකරණයක් සහා පොලිසියක් ලෝකේ වෙන කිසි රටක නැතිව ඇති . ගෙල සහ මුහුණ ආවරණය වෙලා වෙච්ච ස්භාවික මරණය මාස 6-7 කට පස්සේ මිනීමැරුමක් කියලා හොයාගත්ත එක ප්‍රශංස කරන්න ඕන.

:       1       13

Rata Perata Thursday, 02 November 2023 12:55 PM

මැරුවද ,මැරුනද කියන්න මාස 6 කට වැඩිය ගියා .ඕක කරපු කාලකන්නි ටික අල්ලගන්න අවුරුදු කීයක් යනවද බලමු.මේ වගේ අපත ,අකාර්යක්ෂම පාලකයෝ ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site