IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දකුණු පළාතේ 512කට කොරෝනා


 (ජේ.කේ.එල් චාමින්ද)

දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 512 දක්වා වැඩිවී ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
 
ඊයේ (15) දිනය තුල පමණක් දකුණු පළාතෙන් කොවිඩ් ආසාදිත රෝගින් 31 දෙනකු වාර්තා වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි. ගාල්ල නාගරික බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත රෝගින් 20 දෙනෙකු හා අක්මිමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 01ක් රෝගියකු වාර්තා වී ඇති බවද හෙතෙම පවසයි.
 
මාතර දිස්ත්‍රික්කයේ  වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 07ක්,මාතර නගරසභාව බල ප්‍රදේශයෙන් එක් රොගියකු දෙවිනුවරින් 01 රෝගියකු හා පස්ගොඩින් එක් රෝගියකු වාර්තා වි ඇත. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 324 මාතර දිස්ත්‍රික්කයෙන් 153 නෙකු හා හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 35 දෙනෙකු වාර්තා වි ඇත.  ගාල්ල නාගරික බල ප්‍රදේශය තුල  පමණක් ඉකුත් සති දෙකක කාලය තුලදි කොරෝනා ආසාදිත රෝගින් 113 දෙනෙකු වාර්තා වි ඇති බවද කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරියා පවසයි.
 
දකුණු පළාතේ පවුල් 1511කට අයත් පුද්ගලයින් 3074 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද ඒ මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 794කට අයත් පුද්ගලයින් 2011 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 369කට අයත් පුද්ගලයින්1054 දෙනෙකු  හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල්348කට අයත් පුද්ගලයින් 639 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.



අදහස් (0)

දකුණු පළාතේ 512කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 238 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site