IMG-LOGO

තොරතුරු කොමිසමේ පුරප්පාඩුවකට අයැදුම්පත් කැඳවයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන යටතේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරයි.

ඒ අනුව අයදුම්කරුවන් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි www.parliament.lk ක්‍ෂණික සබැඳි යටතේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම' නමින් පළ කර ඇති තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව අයදුම්පත්‍ර සකස් කළ යුතුය.

එසේ සම්පුර්ණ කරන අයැදුම්පත්‍ර 2025 අප්‍රේල් 1 වැනි දින හෝ ඊට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් පණිවිඩයේ විෂයය වශයෙන් ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.

 



අදහස් (1)

තොරතුරු කොමිසමේ පුරප්පාඩුවකට අයැදුම්පත් කැඳවයි

අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Friday, 21 March 2025 12:18 PM

මෙම කොමිෂන් සභාව ඇපේ ඇස් දෙක වගේ රැකගත යුතුයි. මොකද දකුණු පළාත් සභාවේ සහ හිටපු දේශපාලකයින් විසින් කළ පුද්ගලික පළිගැනීම් වලින් ගරු අධිකරණය හමුවේ මගේ නිවැරැදි භාවය තහවුරු කරන්න පිටුවහලක් වුනේ මෙම කොමිෂන් සභාවේ වාර්තා. එමනිසා කවර හේතුවක් නිසාවක් මෙම කොමිෂන් සභාව දේශපාලනීකරණය වෙන්න ඉඩ හරින්න එපා. ඒ වගේම කවර හේතුවක් නිසාවත් ප්‍රාදේශීය කාර්යාල ආරම්භ කරන්නත් ඉඩ හරින්න එපා. මට අහිමි කළ සියලු දේ ජයගත්තේ මෙම කොමිෂන් සභාවෙන් ලබා ගත් තොරතුරු නිසා මෙම කොමිෂන් සභාව පණ වගේ රැකගන්න...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site