
(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලයට බලාගාර පවත්වාගෙන යෑම සඳහා ඩීසල් මෙට්ට්‍රික්ටොන් 1500 බැගින් දිනකට ලබාදීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා අද (14) පෙරවරුවේ පැවසීය.
එම ඩීසල් ප්‍රමාණය අද (14) සිට ලබාදෙන බව කී නීතිඥ සුමිත් විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක් ලබන අඟහරුවාදා පැවැත්වෙන බව ද සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලයට තව දුරටත් ඉන්ධන ණයට ලබාදීමේ හැකියාවක් තෙල් සංස්ථාවට නොමැති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මොන විහිලුවක්ද .මෙහෙම රටක් දුවන්න පුලුවන්ද .18 දාට පසු අපිට මොකක්ද වෙන්නේ .මෙයාලාට ඕන වෙලාවට අපි කරුවලේ ඉන්නද
පුද්ගලික කරණය කළ යුතුම ආයතන 2ක්...
ඔය මණ්ඩලයේ කාමරවල බංකු දාලා ඒවත් පිරෙන්න ඉංජිනේරුවෝ ඉන්නවා කියනවා නේද? ඉතින් ලැබෙන ආදායමෙන් ලයිට් කණු ගාණට ඉන්න ඉංජිනේරුවන්ට පඩි ගෙවපුවාම ආයෙත් පහුවදාට තෙල් ගන්න වෙන්නේ ණයට තමයි. ඉන්දියාව විදුලි ඉංජිනේරුවෝ බිහිකරලා මැදපෙරදිග රැකියාවලට යවනවා... අඩුපඩියට. ඒ විදේශ විනිමය ලැබෙන නිසා. අපේ රටේ විශ්ව විද්‍යාලයෙන් එළියට එන එන කෙනා මේ මණ්ඩලේට රිංගාගෙන බංකුවලට වෙලා ඉන්නවා.