(විනීතා එම් ගමගේ)
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගමන ඉදිරි මහ මැතිවරණයෙන් අවසන් වන බව දන්නා නිසා රජය පවත්වාගෙන යෑම සඳහා හැම තැනකින්ම ආණ්ඩුව ණය ගන්නේ යැයි ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගන්නට තැත් කළ ඩොලර් මිලියන 280 ක ණය මුදල ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත්වූ වහාම නවත්වා දැමූ නමුත් වත්මන් රජය යළිත් එය ලබාගැනීමට කටයුතු කර ඇතැයි ද විතාරණ මහතා පැවසීය.
සහශ්‍ර අරමුදලෙන් ඩොලර් මිලියන 400 ක් ද ජයිකා අරමුදලින් තවත් ණයක් ද ඉල්ලා ඇතැයි හෙළි වූ බව ද මහාචාර්යවරයා කීය.
අනාගත පරම්පරා ගණනාවක් ණය කරුවන් කරමින් රටට අවශ්‍ය මුදල් සොයන්නට මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ඔවුන් ඒවා ගෙවීමට බලයේ නොසිටින බව දන්නා නිසා යැයි ද හෙතෙම කියා සිටියේය.
ඔක්තෝබර් 26 වැනිදා කුමන්ත්‍රණයක් සිදු වූයේ යැයි කියතත් කුමන්ත්‍රණය ආරම්භ වූයේ එදා නොව 2016 සිට යැයි පෙන්වා දුන් විතාරණ මහතා ඇමරිකාව ද ඊට එකතුවී සිටියේ යැයි ද කීය.
නව ලිබරල්වාදී පාලනය අවසන් කරමින් අපේ කම රැකෙන දේශීය වැඩ පිළිවෙළකට යායුතු යැයි ද එවැනි වැඩ පිළිවෙලක් එජාපයෙන් බලාපොරොත්තු විය නොහැකි යැයි ද හෙතෙම කියා සිටියේය.
මහාචාර්ය තිස්ස විතාරණ මහතා මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (24) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.
එම මාධ්‍ය හමුව ඇමතූ සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ලුරේ මහතා පැවැසූයේ ආණ්ඩුවේ සියලු යෝජනා ක්‍රම එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක කරන බවය. බොහෝ එවැනි යෝජනාවන් තම පාක්ෂිකයන්ට පමණක් බව ඔවුන් ප්‍රසිද්ධියේ කියා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
ගම්පෙරළිය තම පාක්ෂිකයන් වෙනුවෙන් බව සඳහන් කර ඇතැයි ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෑම ඡන්ද කොට්ඨාසයකටම එජාප සාමාජිකයින්ට රැකියා දහසක් දෙන බව කියා ඇතැයි ද කොල්ලුරේ මහතා පැවැසීය.
විශේෂයෙන්ම රජය සංවර්ධන කටයුතු නොකරන බව පවසා ඇතැයි පෙන්වා දුන් ඒ මහතා ජනතාවට ලැබෙන්නේ සංවර්ධනයේ ප්‍රතිඵල යැයි ද ආණ්ඩුව හදන්නේ සංවර්ධනය නොකර ආණ්ඩුවේ මුදලින් පාක්ෂිකයන්ට ප්‍රතිලාභ ලබාදී නිහඬවන්නට යැයි ද සඳහන් කළේය.
ප්‍රතිලාභ ලබාදීම සඳහා වන ලැයිස්තු යවන්නේ රාජ්‍ය ආයතනයක් වෙත නොව සිරිකොත වෙත වීම මේ පිළිබඳව ඇති හොඳම සාක්ෂි යැයි කොල්ලුරේ මහතා පැවසීය.
හැටන් තැපැල්කාර්යාලය සහ සන්නිවේදන පියසේ ඉහළ මහලේ ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට බලහත්කාරයෙන් ඇතුලු වූ පිරිසක් ඉන් ඉවත් කර දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඡ
අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තිස්ස විතාරණ ආණ්ඩුව ගැන කියයි