IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


තෙල් ඉවර වූ පසු ඉන්ධනහලේ හිමිකරුගේ නිවෙසට ගිනි තියලා

(කුෂාන් ජයවර්ධන)

ඉපලෝගම රණජයපුර ඉන්ධන පිරවුම්හලක හිමිකරුගේ බෝගහඅක්කරය, කලාකරඹෑව  නිවසට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇතැයි ඉපලෝගම පොලීසිය පවසයි.

එම දෙමහල් නිවසේ උඩු මහලේ ආලින්දයේ ඇති දොරෙන් සහ පිටුපස දොරකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බවට සැකකරන බවත් එම ප්‍රහාරයෙන් හටගත් ගින්න හේතුවෙන් උඩුමහලට දැඩි හානි සිදුව ඇතැයිද පොලීසිය කියයි.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී හිමිකරුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා පමණක් නිවසේ සිට ඇති බවත් ඔවුන්ට කිසිදු හානියක් සිදුව නොමැත.

උසස් පෙළ විභාගයට සූදානම් වන දරුවන් දෙදෙනාගේ පොත්පත් ගින්නෙන් විනාශයට පත්ව ඇතැයිද පවුලේ ඥාතියෙක් පැවැසීය.

ඉන්ධනහලේ තොග අවසන්වීම පසු පෝලිම්වල සිටි පිරිස්  මෙම ප්‍රහාරය එල්ල කළේද, නැතිනම් වෙනත් පිරිසක් ප්‍රහාරය එල්ල කළේද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.



අදහස් (6)

තෙල් ඉවර වූ පසු ඉන්ධනහලේ හිමිකරුගේ නිවෙසට ගිනි තියලා

කිරිපුතා Sunday, 22 May 2022 01:22 PM

රටේ නීතියක් හරියට ක්‍රියාත්මක නොවෙන නිසා නරක මිනිසුන් තමන්ට හිතෙන හිතෙන දේ කරනවා.

:       1       19

Kamal Sunday, 22 May 2022 01:22 PM

මේවා දැක්කාම රට ගැන පුදුම ආදරයක් ඇතිවෙනවා. තව තව ගිනි තියන්න. අන්තිමට ගෙදර අම්මටයි, තාත්තටයි ගිනි තියලා හිතේ ආවේගය තුනී කරගන්න...

:       1       15

රනවක Sunday, 22 May 2022 02:13 PM

71 ඉඳලම ජෙප්පෝ රටට පුරුදු කරපු දේ... ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි...

:       260       29

Aruna Sunday, 22 May 2022 04:00 PM

දනේනම් ‌‌‌ජෙප්පන්ට නටන්න දුන්නා ඇති වාගේ

:       0       0

Priyantha Sunday, 22 May 2022 08:04 PM

මේක දැන් වසංගතයක් වෙන්න කලින් බෙහෙත් කළොත් තමයි හොඳ...

:       0       3

මහී Sunday, 22 May 2022 10:14 PM

හනුමන්තාගේ වඳුරු හමුදාව දන්නේ ඔච්චරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 208 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 403 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site