IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


තලාව ප්‍රා.සභාපති ඇතුළු විසිඅටකට කොරෝනා:සභාවත් වසයි

(නුවන්කුමාර)

තලාව ප්‍රාදේශීය සභා සභාපති, උපසභාපති, මන්ත්‍රිවරුන් අට දෙනෙකු ඇතුළු 28 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව තලාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කපිල දිසානායක මහතා කියයි.

මේ හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නතර කර ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.

ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයේ විසි දෙනකුට ඊට ඇතුළත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ,ප්‍රධාන සහකාර කළමණාකාරවරිය හා සභාපතිවරයාගේ රියදුරා ඇතුළු වේ.

කාර්යාලයේ කාර්ය  මණ්ඩලය සමග සෘජුව සම්බන්ධතාවයක් නොපවත්වන අනෙක් සේවකයන්ද අහඹු පරීක්ෂණයට භාජනය කළ අවස්ථාවේදී ඉන් එක් අයකු ද මෙම රෝගයට ගොදුරු වී ඇති බව හදුනාගෙන තිබිණි.

මේවන විට තලාව,මොරගොඩ,එප්පාවල,කටියාව,කැළේ සියඹලෑව,ඇදගල,නල්ලමුදාව ,තඹුත්තේගම ආදී ප්‍රදේශවල පවුල් 60ක සමාජීකයන් 130ක් පමණ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවද දිසානායක මහතා පැවසීය.

මෙයට අමතර මෙම කාර්යාලයේ සේවය කරන ගල්ගමුව, නාච්චාදුව, යනාදි ප්‍රදේශවල පදිංචිකරුවන් සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් දැනුවත් කළ බවද ඒ මහතා සදහන් කළේය.

 

 

 

 

 



අදහස් (0)

තලාව ප්‍රා.සභාපති ඇතුළු විසිඅටකට කොරෝනා:සභාවත් වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 156 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 360 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site