(යොහාන් භාසුර)
රට තුළ නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදය තුළ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් මුහුණ දී ඇති බරපතල ගැටලු පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කිරීමේ අරමුණින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට අද (3) මධ්‍යහනයේ විරෝධතාවක් පැවැත්වීය.
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවට පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී තැපැල් සේවකයෝ විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තැපැල් සේවකයෝත් පාරට බසිති
Economist Friday, 03 March 2023 03:08 PM
100 000 ට අඩු ආදායම් ලබන දුප්පත් රජයේ සේවකයන් බලන්න. ඔවුන්ට වැඩි වැඩියෙන් ප්‍රතිලාභ අවශ්‍යයි. ඒත් බදු ගෙවන්න ඕන නෑ. කරුණාකර මේවා පෞද්ගලීකරණය කරන්න. නැතිනම් ඔවුන්ගේ විරෝධතා, වැඩ වර්ජන අවසන් වන්නේ නැහැ
A.kSaturday, 04 March 2023 07:55 AM
විරෝධතා, වැඩවර්ජන නවත්තන්න ඕවා පෞද්ගලිකරණය කරන්නම ඕනැද? ඒවා නවත්තන්න වෙන ක්‍රම ඇත්තෙන්ම නැද්ද? මුට්ටිය හිරවුණු එලුවාට මහදැනමුත්තා දුන්නා වගේ උත්තර තමා ඔයාලත් කියන්නේ... NPPද?
gamaathi Saturday, 04 March 2023 12:24 AM
අද තැපැල් කරුවෙක් ලියුම් දිනකට විස්සක් විතර තමයි බෙදන්නේ මෙය courier service එකක් හැටියට පවත්වාගෙන ගියොත් ලාභ ලැබිය හැකියි..
Bamuarachchi Saturday, 04 March 2023 03:19 AM
රටේ ආර්ථික අර්බුධයක් තිබෙන බව රටම දන්නවා. ජෙප්පෝ පාරට බැහැලා අර්බුධය විසඳන්න පුළුවන් කමක් නැහැ. ජෙප්පෝ හදන්නේ සුපුරුදු පරිදි රට ගිනිතියලා අලුත් අර්බුධ ඇතිකරලා ආර්ථික ප්‍රශ්න විසඳන්න. පලයව් ගිහින් දවසේ වැඩ කොටස කරපල්ලා. කාලකන්නි හැත්ත.
Sisira Gunasekera Saturday, 04 March 2023 12:20 PM
මේ ගොල්ලන් නේද රාජපක්ෂලාට ඡන්දය දුන්නේ? දැන් අත ලෙවකන අය හොඳ නැද්ද?