IMG-LOGO

තංගල්ලේ එළවලු මැස්සක් උඩ කපා කොටා දැමූ මළ සිරුරක්

(ආරියදාස කොඩිතුවක්කු)

තංගල්ල නෙටොල්පිටිය වැලිආරේ පිහිටි එළවලු මැස්සක් උඩ කපා කොටා මරා දමා තිබුණු 38 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (03) හමු වූ බව තංගල්ල පොලීසිය කියයි.

මරා දමා ඇත්තේ කොච්චියාය පාරේ බැරගම ගෙදර පදංචිව සිටි හේවාදේවගේ ශාලිල් තිරංජ නමති 38 හැවිරිදි පුද්ගලයෙක් බවට පවුලේ ඥාතීන් විසින් හදුනාගෙන ඇත. 

මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (03) උදේ තංගල්ල අධිකරණ මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබුණි. 

තංගල්ල කොට්ඨාශ බාර ජ්‍යේෂ්ඨ පොලස් අධිකාරී රවීන්ද්‍ර අබෙිපිටිය, සහකාර පොලිස් අධිකාරී රත්නවීර එස්. අඩස්සූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත තංගල්ල පොලස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත්, උප පොලිස් පරීක්ෂක කරවිට, උප පොලිස් පරීක්ෂක ගුණරත්න සැරයන්වරුන් වන 33792 සුමනසිරි, 58257 සුජීව,  යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් මිනීමැරුම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති. 



අදහස් (0)

තංගල්ලේ එළවලු මැස්සක් උඩ කපා කොටා දැමූ මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site