( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සිය වාහන සදහා ඩිසල් ලබා දෙන ලෙස ඉල්ලමින් පිරිසක් අද(1 ) උදෑසන සිට පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයෙන් මාර්ගය සම්පුර්ණයෙන් වසා දමා ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.
පසුගිය 18 දින සිට මදුරන්කුලිය නගරයේ ඉන්ධනහල් වලට ඩිසල් ලබා නොදිමට විරෝධය පාමින් 500 කට ආසන්න පිරිසක් මදුරන්කුලිය සමුපකාර ඉන්ධනහල අසලින් හා නගරය මැදින් වු ස්ථාන දෙකකදී මාර්ගය වසා දමා තිබේ.
මර්ගය වසා දැමිම නිසා පුත්තලම කොළඹ මාර්ගයේ ගමනා ගමනය මදුරන්කුලිය නගරයෙන් සම්පුර්ණයෙන් වසා දමා ඇති බව පොලිසිය කියයි.
විරෝධතාකරුවන් මාර්ගය වසා දැමිමත් සමග මදුරන්කුලිය නගරයේ වෙළද සැල් විශාල සංඛ්‍යාවක් වසා දැමිම නිසා නගරය පාලුවට ගොස් ඇති ආකාරය දැක ගත හැකි ය.
වසා දමා ඇති මාර්ගය යලි විවෘත කර ගැනිමට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.එම්.ජයමහ මහතා ඇතුළු ඉහල පොලිස් නිළධාරින් දැඩි උත්සහයක් ගත්තද එය සාර්ථක නොවු ආකාරයක් දැක ගත හැකි විණි.
විරෝධතාකරුවෝ පවසා සිටියේ මදුරන්කුලිය ඉන්ධන හල් වලට ඩිසල් ලබා දිම සිදු කිරීමේන් පසු මාර්ගය විවෘත කීරිම සිදු කරන බවයි.
කෙසේ වෙතත් විරෝධතාවය හේතුවෙන් කොළඹ දෙසට හා කොළඹ දෙසින් පුත්තලම දෙසට ගමන් ගැනිමට පැමිනි වාහන විශාල සංඛ්‍යාවක් රැදි තිබෙනු දැක ගත හැකිවිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඩීසල් ඉල්ලා පුත්තලම-කොළඹ මාර්ගය අවහිර කරයි