IMG-LOGO

ඩීසල් ඉල්ලා කොළඹ-හලාවත මාර්ගය මූදුකටුවෙන් වහයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මාරවිල මූදුකටුව ඉන්ධන හලට දින 13 කින් ඩිසල් නොලැබිමට විරෝධය පා   අද  (6)  උදෑසන සිට  කොළඹ හලාවත මාර්ගය මූදුකටුව ඉන්ධන හල අසලින් වසා දමා ඇති බව මාරවිල පොලිසිය කියයි.

විරෝධතාවයෙ නිරත පිරිස් පවසනුයේ මූදුකටුව ඉන්ධන හලට දින 13 කින් ඩිසල් ලබා නොදිමෙන් තම දෛනික කටයුතු කර ගැනිමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

මේ නිසා තම වාහන නිවෙස් තුළ තබා ගැනිමේන් ව්‍යාපාර කටයුතු හා රැකියාවන් අහිමි වි ඇති බවට මොවුහු චෝදනා කරති.

මූදුකටුව ඉන්ධනහල අසලින් ඩිසල් ලබා දෙන ලෙස ඉල්ලා සම්පුර්ණයෙන් වාහන මාර්ගය හරස් කරමින් තිබිමත් සමග ගමනා ගමන කටයුතු නැවති ඇති බව පොලිසිය කියයි.

ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමට නොහැකි විම හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්න අනෙක් වාහන විකල්ප මාර්ග වලින් යැවිමට පොලිසිය කටයුතු කරමින් සිටිති.



අදහස් (0)

ඩීසල් ඉල්ලා කොළඹ-හලාවත මාර්ගය මූදුකටුවෙන් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site