(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දීර්ඝ කාලයක සිට හොරණ ප්‍රදේශයේ උපකාරක පන්ති කේන්ද්‍ර කරගනිමින් එහි අධ්‍යාපනය ලබන සිසුන්ට මත්පෙති අලෙවි කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ කියයි.
සැකකාරිය සන්තකයේ තිබී පෙති සියයක් පොලිස් බාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකා හොරණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ආර් එන් ටි ආචාර්ය ඊ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ දෙල්ගහ ගොඩැල්ල ප්‍රදේශයේදීය.
සැකකාරිය හොරණ නගරයේ උපකාරක පන්ති අසල ගැවසෙමින් සිසුන් ඉලක්ක කර ගෙන රුපියල් 250 ,300 සහ 500 ආදී මිල ගණන් වලට මත්පෙති අලෙවි කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පනස් හැවිරිදි සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරණ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කළුතර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී අතුල රත්නායක මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී රනසූරිය මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ආර්.එන්.ටී. ආචාරිගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ටියුෂන් ළමුන්‌ට මත්පෙති වික්ක කතක් මාට්ටු