(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තරුණ නව නිපැයුම්කරුවෙකු නිර්මාණය කර පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට බාර දුන් අධි වෝල්ටීයතාවයෙන් සහ අකුණු සැර වලින් ආරක්ෂා කිරීමේ සංහෘත පරිපථයක අඩංගු තොරතුරු කිසිවක් හෙළි නොකරන ලෙස හෝ එම තොරතුරු උපයෝගී කිරීම වළකාලමින් වාණිජ මහාධිකරණ විනිසුරු ඇම්.අශාන් ආර් .මරිකාර් මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අද (21) අතුරු නියෝගයක් නිකුත් කළේය.
එම නව නිපැයුම්කරු අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත.
මෙම පෙත්සම ලබන මාර්තු 08 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කෙරිණි.
නව නිපැයුම්කරුවෙකු වන ඒ.ඇම්.ටී.නිර්මල මහතා ගොනු කර තිබූ මෙම නඩුවේ වගඋත්තරකරු හැටියට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නම් කරනු ලැබ ඇත.
ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරු ඉංජිනේරු ඉගෙනුම් පසුබිමක් සහිත නව නිපැයුම්කරුවෙකි.ඔහුගේ නිර්මාණ දායකත්වය උපයෝගී කර ගෙන ‘‘ අකුණු වැළැක්වීම සහ අධි වෝල්ටීයතාවයෙන් උපකරණ ආරක්ෂා කර ගැනීමේ සංහෘත පරිපථයක් නිර්මාණය කළේය.
අනාගතයේදී හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණින් මෙම පරිපථය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ඉදිරිපත් කළේය.ඊට පෙර පෙත්සම්කරු සහ ටෙලිකොම් ආයතනය අතර සාකච්ඡා ගණනාවක් පැවැත්වූ අතර ඔවුන් විසින් මෙම පරිපථයේ පටපතක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
පෙත්සම්කරු මෙම පරිපථයට පේට්න්ට් අයිතිය ලබා ගැනීම සඳහා අයැදුම්පතක් ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳව තොරතුරු රහස්‍යභාවයෙන් තබා ගන්නා ලෙසද වගඋත්තරකාර ආයතනයට දැනුම් දුන්නේය.
පරිපථය බාර දී සති හයක් ඉක්ම වුවත්ම එය රැගෙන යන ලෙස ටෙලිකොම් ආයතනය පෙත්සම්කරුට දැනුම් දුන්නේය.පෙත්සම්කරු වගඋත්තරකාර ආයතනයට ගොස් පරිපථය පරීක්ෂා කිරීමේදී එය විවෘත කොට පරීක්ෂා කර ඇති බව දැක ගන්නට ලැබී තිබේ.
පරිපථයේ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීමේ අරමුණින් මෙම ක‍්‍රියාව සිදු කර ඇති බව පෙත්සම්කරු කියා සිටී.
එබැවින් මෙම සංහෘත පරිපථයේ තොරතුරු අඩංගු වාණිජමය සංවේදී තෙරතුරු භාවිතා කිරීම හෝ හෙළි කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ටෙලිකොම් ආයතනයට අතුරු නියෝගයක්
Amila Monday, 21 January 2019 12:54 PM
ඔන්න ඕකයි මේ රටේ දක්ෂයෝ සහ හොඳ දේවල් ඉතුරු වෙන්නේ නැත්තේ. අර මනුස්සයා මහන්සි වෙලා හොයා ගත්ත දේ... අනිවා දෙන්න ඇති එයාලා දන්න අායතනයකට හෝ පුද්ගයෙකුට.
DU Monday, 21 January 2019 01:10 PM
නිර්ලජ්ජිතයි මේ වැඩ. නීතියේ පිහිට පැතීම ඉතා බුද්ධිමත් හා විශිෂ්ට ක්‍රියාවක්. මේ තුළින් නව නිපැයුම්කරුවන් ආරක්ෂිතව හා බුද්ධිමය දේපල සඳහා නීතියේ රැකවරණය ඇති බව විශ්වාස කරාවි. මුදල් ගසා කනවාට අමතරව දැන් බුද්ධිමය දෙපලත් කොල්ලකනවා.
rocky Monday, 21 January 2019 01:24 PM
ඕකේ ලොක්කගේ හැටි දන්නවනේ! ලඟින් ගියොත් අැහැක් නැහැ. නිෂ්පාදකයාට තිබුනේ ඔය උපකරණය විදේශයක පේටන්ට් කරන්න උදව් ලබා ගැනීමයි. මෙහෙ බැලු බැලු අතේ ඉන්නේ හොරු!
Sapumal. Monday, 21 January 2019 01:32 PM
වාණිජ අධිකරණය වෙත අපගේ ගෞරවනීය ප්‍රණාමය... මේ වගේ සුපිරි මොලකාරයෙකුට ටෙලිකොමා සලකපු විධිහ නම් ඉතා නින්දිතයි. අපගේ ශාස්ත්‍රීය සංගීතය විකෘති කොට වටිනා ගායක ගායිකාවන්ගේ උසස් ගීත භක්ෂණය කොට වෙනස් ආකාරයකින් විකෘතිකොට තමන්ගේ ගීත මෙන් බෙරිහන්දෙන රස්තියාදුකාර සමහර ඝෝෂකයින් මට්ටුකර එම ගීත නිර්මාණ ජාතියට ආරක්ෂා කරදීමට බුද්ධිමතුන් හට මේ ආකාරයෙන්ම නුවණ පහළවේවා !!!
Nuwan Monday, 21 January 2019 01:41 PM
කවුද ටෙලිකොම් එකේ සභාපති කියමු බලන්න. ඔහුට තනතුරට අදාල සුදුසුකම් නැත්නම්, අනිකුත් සියලු ටෙලිකොම් විධායකයින්ට සුදුසුකම් නැති බව තමයි මේ වගේ පහත් වැඩ කළාම අපට තේරෙන්නේ..
Saman Monday, 21 January 2019 03:26 PM
හැම තැනම ඔහොම තමයි. දැන් ඉතින් තව තැනකින් මේක මතුවෙයි ' "යුරේකා" කියල. විමලෙ කලෙත් මේ වගේම වැඩක් තමයි. අධිකරණය නම් නියමයි දැන්.