IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොට්ටාවේදී අද (8) පැවසීය.

ඇමෙරිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තීරු බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් බවට කරුණු දක්වා තමා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ලිපියක් යොමු කළ බව කී අනුර දිසානායක මහතා මේ වන විට එම ලිපිය ධවල මන්දිරයට ගොස් තිබෙන බවට කරුණු වාර්තා වී තිබෙන්නේ යැයිද සඳහන් කළේය.

ඇමරිකාව පනවා තිබෙන බදු තීරණ වල බලපෑම තවම ලංකාවට දැනී නැතත් එම තීරණය ඉදිරියේදී යම් පමණකට ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑම් කිරීමේ අනතුරක් තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.

ජාතික උරුමයන් කර පින්නාගෙන තමන්ගේම ආර්ථික න්‍යාය පත්‍රයක් මත දෙපයින් සිට ගනිමින් යළි කුමන සුළි කුණාටුවක් පැමිණියද කඩා නොවැටෙන ආර්ථිකයක් සහිත රටක් නිර්මාණය කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා කොට්ටාවේ පැවති ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

 



අදහස් (5)

ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට

නිර්පාක්ෂික Wednesday, 09 April 2025 12:28 AM

ගොම්මන්පිළ,රිලාසිරියා ,විමලේ නම් දැනටමත් අනාවැකි පල කරලා ඉවරයි ??

:       7       2

sakra Wednesday, 09 April 2025 01:50 AM

ට්‍රම්ප් එක්ක සාකච්චා කරන්න නෙවෙයි මෙයාලට අඩුම තරමින් හලෝ කියන්නවත් ට්‍රම්ප් එක්ක appointment එකක් ලැබෙන්නේ නැහැ මොකද එහෙම එක එක්කෙනා අඬාගෙන ආපලියට ඇමරිකාවේ ජනධිපති හමුවෙන්න වෙලාවල් දෙන්නේ නැහැ. අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වැහුවට වැඩක් නැහැ . අධිරාජ්‍ය වාදීන් ගැන ලොරි ටෝක් දීපු අය එයාලගෙන් හිඟමනේ යාම දෛවයේ සරදමක් .

:       1       12

යෝගා Wednesday, 09 April 2025 09:23 AM

මතක ඇතුව කලිසම් කමිසවල බොත්තම් ටික හරියට පිලිවෙලට දාගෙන යන්න.

:       2       16

ගුණරත්න Wednesday, 09 April 2025 10:50 AM

දැන් ඉතින් කරන්න තියෙන්නේ රනිල් වගේ පළපුරුදු දේශපාලනඥයෙක් ඔය සාකච්ඡා කණ්ඩායම් වලට එකතු කරගෙන රටක් විදිහට පෙනී සිටින එක,

:       7       13

කුකුල් චමින්ද Wednesday, 09 April 2025 11:00 AM

බැරිද දනගහගෙන කට්ටියගෙම කලිසම්වල බොත්තම් ටික දාල දෙන්න? ඒ වෙනුවෙන් මං ගානෙ ඔයාට බත් කටක්.

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site