IMG-LOGO

ටෝකියෝ ඇතුළු ප්‍රාන්ත තුනකට හදිසි තත්ත්වයක් ප්‍රකාශකරයි

කොරෝනා වයිරස ආසාදන පැතිරීම වැළැක්වීම සඳහා ජපානයේ අගනුවර වන ටෝකියෝ සහ අසල්වැසි ප්‍රාන්ත තුනක මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.


ජපානයේ දෛනික ආසාදන 7,000කට වඩා වැඩි වීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.


රටේ ජනගහනයෙන් 30%ක් ආවරණය වන පරිදි ටෝකියෝ, කනගාවා, සයිටාමා සහ චිබා ප්‍රාන්ත වල මෙලෙස හදිසි අවස්ථාව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එය ජනවාරි 08වනදා සිට බලාත්මක වෙයි.


රටපුරා තත්ත්වය අවදානම් බවත් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බවත් අග්‍රාමාත්‍ය යොෂිහයිඩ් සුගා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබේ.

ටෝකියෝවෙන් ඊයේ (06) දිනයේ පමණක් කොරෝනා ආසාදිතයින් 2,447ක් හමුවී ඇති අතර ඊට පෙර දිනයේ 1,591ක් හමුවි තිබිණ.


ජපානයෙන් මේ වනවිට හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 252,317ක් වන අතර මරණ 3,719ක් සිදුවි තිබේ.
ජපාන වැසියන් කොරෝනා සඳහා එන්නත් කිරීම පෙබරවාරි අග ආරම්භ කිරීමට නියමිතව ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

ටෝකියෝ ඇතුළු ප්‍රාන්ත තුනකට හදිසි තත්ත්වයක් ප්‍රකාශකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site