IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ඥාතීන්ට බාර දුන් සිරුර කොරෝනා නීති යටතේ ආදාහනයට

(පී.එස්.මද්දුමගේ)

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය කාන්තාවකගේ සිරුරක් නිවසට ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබියදී ලැබුණු පි.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත බවට   තහවුරු වීම නිසා කොරෝනා නීති යටතේ ආදාහනය කිරීමට රෝහල් කාර්‍ය්‍ය මණ්ඩලය පියවර ගත් බව මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ නිළධාරියෙක් පවසයි.

රෝගියා මිය යාමෙන් පසු රෝහලේ දී සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වී නැති බවට සදහන් වීම නිසා, මෘත දේහය ඥාතීන්ට බාර දීමට පියවර ගෙන ඇත.

රෝගියා රෝහලට බාර දෙන අවස්ථාවේ සිදුකර තිබූ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉන් අනතුරුව ලැබූ තිබුණු අතර එම වාර්තාවට අනුව කොරෝනා ආසාදිතව තිබූ බව තහවුරු වූ බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි

මියගිය කාන්තාවගේ නිවසේ සිටි දියණියකට සහ ඥාති දියණිකට ද කෙරෝනා ආසාදිත බවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් හදුනාගෙන ඇත.

මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයේ රන්සෑගොඩ ගමෙන් කෙරෝනා ආසාදිතයින් හතර දෙනකු වාර්තා වී ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.එල්.නන්දසිරි මහතා පැවැසීය.

 



අදහස් (0)

ඥාතීන්ට බාර දුන් සිරුර කොරෝනා නීති යටතේ ආදාහනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 54 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 261 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site