(ටී.කේ.ජී.කපිල )
කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහායිකාවක ලෙස සේවය කරන කාන්තාවක් රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වටිනා හෙරොයින් සමග කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (01) අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි .
මෙම සේවිකාව පොළොන්නරුව , කාලිංග ඇළ ප්‍රදේශයේ 38 හැවිරිදි පදිංචිකාරිනියක වන අතර දැනට කටුනායක කෝවින්න ප්‍රදේශයේ නිවසක් කුළියට ගෙන වෙනත් සැමියා සමග ජීවත් වෙමින් සිටින බව ද පොලීසිය මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .
ඇය විසින්ම නිපදවන කාන්තාවන් රෑපලාවන්‍ය කටයුතු සදහා යොදා ගන්නා කුඩා ආලේපන බදුන් තුළ , එම ආලේපන සමග , මෙම හෙරොයින් වෙනම ඔතා , කුඩා පැකට්ටු සකස් කර මෙම ආලේපන බදුන් තුළ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ බව පොලීසිය පවසයි .
මෙසේ මෙම ආලේපන බදුන් තුළ හෙරොයින් ග්රැම් 05යි මිලි ග්රැම් 200 තිබී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
කටුනායක පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙත පෞද්ගලික ඔත්තුකරුවෙකු විසින් දෙන ලද තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මෙම කාන්තාව මෙම හෙරොයින් අඩංගු ආලේපන පාර්සලය කටුනායක මල්ගස්හංදිය ප්‍රදේශයේ දී මෝටර් රථයක පැමිණි පුද්ගලයෙකුට ඊයේ (01) ලබා දීමට උත්සාහ කරමින් සිටියදී , පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් , මෙම කාන්තාව අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන අතර ඇය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (02) ඉදිරිපත් කිරීමට නියමිතය .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා සහ මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතාගේ අධීක්ෂණය යටතේ එම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි , පොලිස් සැරයන් 37371 සුනිල් , කාන්තා පොලිස් සැරයන් 4620 කළ්‍යාණි යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජාතික රෝහලේ සුව කත කුඩුත් එක්ක මාට්ටු
dhamneth Thursday, 02 February 2023 04:53 PM
වෛද්‍ය බෙල්ලන මහතා කළ චෝදනාව නිවැරැදි බව මේ ගොල්ලෝ දැන් සනාථ කරනවා. දැන් දින දෙකතුනකට පමණ පෙර ගම්පහ ගිලන්රථ රියදුරෙකුත් කුඩු සමග පොලිස් අත්අඩංගුවට ගත් බව අසන්නට ලැබුණා.