(අංජුල මහික වීරරත්න)
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධන සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා UNESCO THE ආයතනය සමඟ 2022 වර්ෂයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
එකී අවබෝධතා ගිවිසුමේ විධිවිධාන වලට අනුකූලව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් '' පාර්ශ්වකරුවන් ජල සේවා කොටස් හිමියන් බවට පරිවර්තනය කිරීම පිණිස ප්‍රජා වගකීම් කළමනාකරණය '' යන තේමාව යටතේ ජලය සහ සෞඛ්‍ය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විස්තීරණ ව්‍යාපෘති යෝජනාවක් IHE-Delft Institute for Water Education ආයතනය වෙත ඉදිරිපත් කර ඇත.
එම ආයතනය විසින් IHE-Delft ජල හා සංවර්ධන හවුල්කාරිත්ව වැඩසටහනේ 3 වන අදියර (DUPC 3) යටතේ ව්‍යාපෘති යෝජනාව හවුල්කාර සාමාජික ආයතන කිහිපයක් සමග එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, හවුල්කාර සාමාජිකයින් සඳහා යුරෝ 399,819 ක උපරිම ප්‍රදාන දායකත්වයක් ලබා දීමටත්, ඉන් යුරෝ 164,236 ක මුදලක් ජල හා සංවර්ධන හවුල්කාරිත්ව වැඩසටහනේ 3 වන අදියර (DUPC 3) යටතේ ශ්‍රී ලංකා රජය වෙත වෙන් කර දීමටත් එකඟතාව පළ කර ඇත.
යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධාන
ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්
පානදුර නගර සභාවට මෙවර තරඟ කරන අපේක්ෂකයකු රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.
මහනුවර නගරයේ කච්චේරිය ඉදිරිපිට හරස් වීදීය සහ පදිකවේදිකාව ද සම්පූර්ණයෙන්ම අවහිර වන ලෙස යතුරු පැදි නතර කිරීමෙන් පාදිකයන්ට මෙන්ම වාහන ගමනා ගමනයට මඟක්
අහංගම, ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රිරෝද රියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා ඇතැයි අහංගම පොල
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජල සෞඛ්‍ය ගිවිසුමකට කැබිනට් අනුමැතිය