IMG-LOGO

ජල බිලටත් තට්ටුවන හැඩ

(සුජිත් හේවාජුලිගේ )

විදුලිය ගාස්තු වැඩි කිරීමට සාපේක්ෂව ජල ගාස්තුද ඉදිරියේදී අනිවාර්යෙන්ම වැඩි කිරීමට සිදුවනු ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජල නිෂ්පාදන සහ බෙදාහැරීමේ කටයුතු සඳහා දරන පිරිවැයෙන් සියයට 35 ක් පමණ විදුලිය වෙනුවෙන් වැය වන බව එම මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

නව විදුලි ගාස්තු සංශෝධනය සමග මෙම පිරිවැය තවත් වැඩිවන බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තවමත් තීරණයක් ගෙන නැතැයි වාර්තා වේ.

දිවයින පුරා ජල පාරිභෝගිකයෝ ලක්ෂ 30කට ආසන්න පිරිසක් සිටිති. ඉන් සියයට අනූ දෙකක් ගෘහස්ථ ජල පාරිභෝගිකයෝ වෙති. ඉතිරි සියයට 8 ගෘහස්ථ නොවන පාරිභෝගිකයන්ය.

මේ අතර ජල බිල්පත් ගෙවීම පැහැර හැරීම විශාල වශයෙන් වැඩි වී ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

 



අදහස් (0)

ජල බිලටත් තට්ටුවන හැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 531 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 701 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 287 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site