IMG-LOGO

ජාන සොරකමේ ගිය ඉතාලි ජාතික පිය-පුතුට කෝටි 6ක දඩයක්

(අමිල සම්පත් ශ්‍රී )

යාල ජාතික වනෝද්‍යානය ආසන්න රක්ෂිත ප්‍රදේශයක බට් කූරන්  ඇතුළු කෘමි සතුන් අල්ලා  ඉතාලියට රැගෙන යාමට තැත් කළ ඉතාලි ජාතික පිය පුතු යුවළක් වැරදිකරු කරමින් රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් ගෙවන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා   මහතා අද(03) නියම කළේය.

මෙලෙස දඩ මුදල නියම වූයේ වයස අවුරුදු පනස් අටක් වන  පෙරාරි ලුයිිගි හා වයස අවුරුදු 28ක් වන පෙරාරි මාටියා යන ඉතාලි ජාතික පිය පුතු යුවළක් හටයි.

මෙම දඩ මුදල තිස්සමහාරාම අධිකරණයේ ඉතිහාසයේ නියම කරන ලද විශාලතම දඩ මුදලද බව තිස්සමහාරාම  අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

මේ මස 29 වන දින දඩ මුදල ගෙවන ලෙසට නියෝග කළේය.දඩ මුදල ගෙවන තෙක් මෙම විදෙස් ජාතිකයින් දෙපලට රටෙන් පිටව යාමට කිසිදු අවසරයක් නොමැති බවද සඳහන් කළේය.

 



අදහස් (0)

ජාන සොරකමේ ගිය ඉතාලි ජාතික පිය-පුතුට කෝටි 6ක දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site