(සුජිත් හේවාජුලිගේ)
විවිධ ආණ්ඩු විසින් පසුගිය වසර දහයක පමණ කාලයේදී වරින් වර පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභා විස්සක පමණ වාර්තා තවමත් ක්‍රියාත්මක නොවී හමස් පෙට්ටියේ පවතින බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා ලංකාදීපයට පැවසීය.
උදුලාගම කොමිෂන් සභා වාර්තාව මැක්ස්වල් පරණගම කොමිෂන් සභා වාර්තාව,ලලිත් ඇතුලත්මුදලි ඝාතන කොමිෂන් සභා වාර්තාව, විජය කුමාරතුංග ඝාතන කොමිෂන් සභා වාර්තාව, ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතන කොමිෂන් සභා වාර්තාව එසේ ක්‍රියාත්මක නොවුණු වාර්තා කිහිපයක් බවද ඔහු සඳහන් කළේය.
ප්‍රමාණවත් සාක්ෂි පවතී නම් මෙම කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බවද මහානාම හේවා මහතා පැවසීය.
මේ අතර මෙම කොමිෂන් සභාවල කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි දෙසීයකට වැඩි මුදලක් පසුගිය කාලයේදී වැය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුවට ඉකුත්දා ඉදිරිපත් කෙරුණු බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මේ අනුව එම වාර්තාව පිළිබඳ පළමු විවාදය අප්‍රේල් මස 10 වැනිදා පැවැත්වීමට නියමිතය..
දෙවෙනි විවාදය ඊට පසු මැයි මාසයේ දිනයක පැවැත්වීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බව ගුවන් හමුදා ආරංචිමාර්ග කියයි .
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනපති කොමිෂන් සභා වාර්තා විස්සක් කුණු කූඩේ
PGPThilak Saturday, 22 March 2025 01:08 PM
මෙයා රාජපක්ෂ සට්ටැඹියෙක්..! කියන දේවල් ගණන් ගන්න එපා...! ඒ කාලේ කඩේ ගිය හැටි හොඳට මතකයි! මානව හිමිකම් කොමිසමට රිංගලා කරපු කෙරුවාව ඉතිහාස ගත වෙනවා..
Srinath Saturday, 22 March 2025 03:08 PM
මහජනයාගේ මුදල් අවභාවිතා කරලා ජනතාව නොමග යැව්වා පාලකයන්ට දඬුවම දෙන්නේ කවුද? කමිෂන් එකක් දැම්මා නම් ඒකෙන් දඬුවම් කරන්න ඕන වරද කරුවන්ට... නැතිනම් නොදා ඉන්න ඕනෑ.