IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජනපතිගෙ හින සැබෑ වෙද්දි ජනතාව කුස ගින්නේ

(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරයා තම හීන සැබැ කර ගෙන රාජාසන කතාව කරන විට ගම්වල සිටින ජනතාව දුක්විඳින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජාසන කතා කළ පමණින් රටේ ප්‍රශ්න නොවිසඳෙන බවත් මිනිසුන්ගේ දුක නොතේරෙන අලි පොහොට්ටු ආණ්ඩුව ගෙදර ගිය දිනක මේ ප්‍රශ්න විසඳිය හැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එක් පැත්තකින් ගෑස් මිල තෙල් මිල ඉහළ යන විට තවත් පැත්තකින් විදුලි බිල වැඩි වීමට නියමිත බැවින් ජනතාවට හානිකර විකෘති ආණ්ඩුව ගෙදර පැන්නීමට එක්ව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් මහියංගණය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

ගොවි තැනට අවශ්‍ය කෘමිනාශකවල සිට පාසල් සිසුවාට ඉගෙන ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය නොමැති බවත් එසේ ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක ලෝකෙටම ණය වී පවත්වන නිදහස් දිනයේ ජංගම වැසිකිළි සඳහා ලක්ෂ 142ක මුදලක් වැය කර ඇති බවත් විපක්ෂ නායකවරයා කීවේය.

 



අදහස් (3)

ජනපතිගෙ හින සැබෑ වෙද්දි ජනතාව කුස ගින්නේ

Sirisena Thursday, 09 February 2023 05:17 PM

සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයට රටේ බලය ලබාදෙමු....

:       0       0

Saththaya Thursday, 09 February 2023 10:15 PM

බලලොබීන්ගේ බල තන්හාව ඉෂ්ටවෙද්දී ජනතාව වලපල්ලේ. .රටේ ප්‍රශ්න විසඳන්නේ බස් බෙදලද ? ඒවා එලවන්න අපේ සීයලාවත් හිටියනම් . සර්විස් කරන්න කීයක් යනවද ? ටයර් එකක් දාන්න කීයක් ඕනද ? එලවන කෙනාට සල්ලි දෙන්නේ කව්ද ? මරු, අතිගරු වෙන්න ඉන්න කෙනාගේ බුද්දිය. සන්තෝසයි .

:       0       1

චින්තක Friday, 10 February 2023 06:37 AM

හැම රෙද්දකම ඇදක් බලමින් ජනාධිපති සිහිනය දකිනවා මිස මුන්දැට වෙනත් දෙයක් දකින්නම බැහැ ඒ හරියට නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් සෙවීමක් වගේ කියලා කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ලිච්ඡවීන්ගෙ සමගිය දැකල ප්‍රශංසා කලා බුදු දහම අදහනවා කියලා මල්වට්ටිය අරගෙන පංසලට යනවා කාලෙකට ලක්ෂ ගණනක් බෙදාදෙනවා සසුනට අරුන කියනවා ඒත් එම දහම පිළිගන්නේ නැහැ රාජපක්ෂලානම් නිගන්ඨනාථ පුත්තගේ දහම පමණයි ඇදහීම කලේ, ඇති හැකි එවුන් හැම එකාම 1952 සිට රජවෙන්න බලපු නිසා තමයි මේ විනාශය සිදුවුණේ සුද්දා ගෙන් රට බේරා ගන්න ඔක්කොමලා එකතුවුනා කියලා එකෙකුට වත් තේරුම් ගන්න බැහැ ඇත්තටම දැන් වත් දේශපාලන පක්ෂ ලියාපදිංචිය නතර කරන්න ඕන ඒ වගේම ලියාපදිංචි වෙලා මැතිවරණ සදහා එම ලියාපදිංචි ලකුණින් ඉදිරිපත් නොවන පක්ෂ තහනම් කරන්නත් ඕන පක්ෂ රැකීමට ඉදිරිපත් වෙන ස්වාධීන කණ්ඩායම් හා ලියාපදිංචි වෙලා මැතිවරණ තරග නොකර මුදල් ඉපැයීම සදහා සිටින පක්ෂද තහනම් කරන්න ඕන රට හදන්න සැබෑ උවමනාවක් ඇත්නම් ජාතිය එකමුතු වෙන්න ඕන බලන්න ඇමරිකාව මැතිවරණ අවස්ථාවල බෙදී සිටියත් ආපදා අවස්ථාවල සැවොම එකාවන්ව ඉන්නවා ඉතින් ලංකාවෙ එවුන්ට එහෙම බැරි ඇයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site