IMG-LOGO

ජනාධිපති -සෝභිත හිමි හමුවක්

(අංජුල මහික වීරරත්න)

අරගලයේ සැබෑ ජනතා අපේක්ෂාව ජයග්‍රහණය කරවීමට නම් එහි  අයහපත් පැතිකඩ ඉවතලා යහපත් අරමුණු සමග සියලු දෙනා යළි ඒකරාශි විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු මහජන සභාව සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. 

දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බොහොමයක් සමග මේ වන විට සාකච්ඡා කර ඇති බවත් ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමග පමණක්  සාකච්ඡා කිරීමට ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි කීවෙි  ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලට මහජනතාව සම්බන්ධ කර ගත යුතු අතර සර්ව පාක්ෂික ස්ථාවරත්වය සඳහා  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සාමකාමී වැඩපිළිවෙළට එක්වීමට  සුදානම් බවයි.

නීති විරෝධි, ව්‍යවස්ථා විරෝධි, දාමරික  ත්‍රස්ත ක්‍රියා අපි කිසි කලෙක අනුමත කරන්නේ නැති බවත්  සාමකාමීව ජන අරගල ක්‍රියාත්මක වුණේ මිනිස්සුන්ට කරන්න කිසිම දෙයක් නැති නිසා බවත් සෝභිත නාහිමියෝ කීහ.



අදහස් (5)

ජනාධිපති -සෝභිත හිමි හමුවක්

Bamunuarachchi Saturday, 06 August 2022 06:16 PM

ජනාධිපති හැමදෙනාම සතුටු කරන්න ගිහිල්ල කාවවත් සතුටු කරන්න බැරිව කෙලගනී කියලා මට විතරද හිතෙන්නේ. මට පෙනෙන්නේ සියලුදෙනාගේම අදහස් අරගෙන තමන්ට ඕනදේ කරාවි. ජෙප්ප්නට අදහසක්වත් දෙන්න බැරිවෙනවා.

:       15       89

fairoosSunday, 07 August 2022 01:03 PM

ඥානසාර හාමුදුරුවන්ගෙන් උපදෙස් අරගෙන අන්තිමට ගෝඨාබය නැත්තටම නැති උනා. රටත් විනාශ කරා.

:       0       0

darman Saturday, 06 August 2022 08:45 PM

රට ගිනිතියන හාමුදුරු . ඡන්දෙ අරන් පාර්ලිමේන්තු ගිහින් වතාවක් චන්ද නිස්ක්‍රිය කලාත් වගේ මතකයි.

:       9       19

ruwan Saturday, 06 August 2022 11:11 PM

මම මේ දන්නේ නැති නිසා අහන්නේ. සොභිත හිමි හෙන පොරක්ද ? රටටම කෙළවපු එක්කේනෙක් නෙවෙයිද?

:       8       18

" සඝ ගරුවේ" Saturday, 06 August 2022 11:14 PM

පන්සල් නිසයි එදා මේ අය පිදුවේ - අද මේ අයයි චිවර ගුණය ඉරුවේ ගුණදම් රකින සඟ රුවණ දරුවේ - නැත පින්බිමට උතුම් සඟ ගරුවේ

:       4       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site