නාලක සංජීව දහනාය
කවුරුන් කුමක් කීවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවනු ලබන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමේ සම්පූර්ණ අයිතිය විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා සතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (7) පැවැසීය.
ඒ අයිතිය වෙනත් කිසිවකුට හිමි නොවන බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
මේ වනවිට මහපොළවේ තිබෙන ජයග‍්‍රාහීම දේශපාලන පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්, එහි ලාංඡනය වන නෙළුම් පොහොට්ටව ලංඡනය ජයග‍්‍රාහී ලකුණ ලෙස ජනතාවගේ සිතෙහි තැන්පත්ව තිබෙන බවද ඔහු කීය.
ඒ අනුව විපක්‍ෂනායකවරයා විසින් තම පෙරමුණේ අනන්‍යතාවය සුරකින රටම ඉල්ලන අපේක්‍ෂකයකු ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (7) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමේ අයිතිය මහින්දටයි - ජී. එල්.