IMG-LOGO

ජංගම වෙළඳරථ නොපැමිණීමෙන් කුරුණැගල ජනතාව අසීරුතාවේ

(පුෂ්පකුමාර ජයරත්න)

අත්‍යාවශ්‍ය සේවා සහිත ජංගම වෙළඳ රථ නොපැමිණීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාගරික මෙන්ම ග්‍රාමීය මට්ටමේ පදිංචි ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව වාර්තාවේ.

රජය පවසන ආකාරයට බොහෝ ප්‍රදේශ වලට මෙතෙක් කිසිදු ජංගම වෙළෙන්දෙක් පැමිණ නැති බවද නාගරික ප්‍රදේශ වලට පමණක් ඉඳහිට චූන් පාන් ජංගම රථ පමණක් පැමිණෙන බවද ජනතාව පෙන්වා දෙති.

මෙම තත්ත්වය හමුවේ රජය විසින් පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි වීමෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවද ලබන 07 වන දින තෙක් එසේ සිටීම අසීරු කාර්යයක් වන බැවින් ඒ සඳහා ඉක්මන් විසඳුමක් සපයා දෙන ලෙස ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

 



අදහස් (2)

ජංගම වෙළඳරථ නොපැමිණීමෙන් කුරුණැගල ජනතාව අසීරුතාවේ

prasanna Saturday, 29 May 2021 08:01 AM

මේ කියන කතාව කුරුණෑගලට විතරක් නෙවේ කොළඹටත් එහෙමම තමා. මම දැන් දවස් ගානකින් දැක්කේ නැහැ මේ පැත්තේ එලවලු ලොරියක් යනවා. අපි ඉන්නේ අයි.ඩී.එච් උණ රෝහල ලඟින් යන පාරේ. අත දරුවන්ට චූන් පාන් කවන්න බැරි නිසා අපිත් දවස් 10කට විතර එළවළු අරන් ආවා. දැන් ඒවාත් ඉවර වෙන්න ළඟයි. ලොකු පුටුවල ඉන්න අයට සැබෑ තත්වය තේරෙන්නේ නැහැනේ. කඩසේරම වැහුවාම සුපිරි වෙළඳසැල් වලට සතොසට විතරක් ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න බැරි බව මේ ඉහළ පුටුවල අයට තේරෙන්නේ නැහැනේ. මහජනතාව පාලනය කර ගන්න අයිඩී කාර්ඩ් ක්‍රමයට තදින්ම අනුගත වෙලා දවස් 3ක් වගේ දුන්නා නම් අර 25 වෙනිදා වුණා වගේ හිරවීමක් වෙන්නේ නැහැනේ...

:       1       2

sakalabujan Sunday, 30 May 2021 06:49 AM

පා.ම හරක් බාන් ටික කෝ..!!! 225ම නෑ මේ වෙලාවේ හොයා ගන්න. කිසි කෙනක් නෑ... එළවලු ටික ලොරිවලින් සපයන්න.. කන්න ගන්න කඩ වහලා බැසිල් ලොක්කා නැති නිසා මේ ඔක්කොම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 487 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 651 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 268 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site