IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘ඡන්දය පැවැත්වීම ගැන හරියට කියන්න‘

(අංජුල මහික වීරරත්න)

මැතිවරණ කොමිසම,මහා භාණ්ඩාගාරය සහ රජය එක තැනකට රැස්වී  මැතිවරණය වෙනුවෙන් මුදල් දිය හැක්කේ කවර කාලයකදී ද යන්න ගැන හොඳින් අධ්‍යයනය කොට අවසන් එකඟතාවයකට එන්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතාට ලිපියක්  යොමු කරමින් ඉල්ලා සිට ඇත.

සියලු පාර්ශ්වයන් එකඟතාවයෙන් තීරණයක් ගැනීම මේ මොහොතේ ඉතා හොඳ තත්ත්වයක් බව ද නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මැතිවරණයක් සඳහා සියල්ල සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා  ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇතත් තවමත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්‍භ කර නැති බව මුද්‍රණාලයාධිපතිනිය මාධ්‍යයට ප්‍රකාශ කර ඇතැයි ද මැතිවරණයකට මුදල් නැතැයි මුදල් ලේකම්වරයා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මගින් කියා ඇතැයි ද  මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

එබැවින් පවතින තත්ත්වයන් පිළිබඳව විශ්ලේෂණය කර මැතිවරණය නියමිත දිනට පැවැත්විය හැකි ද නැති ද යන කාරණය පිළිබඳ දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන් සහ මහජනතාව දැනුම්වත් කිරීම ඉතා වැදගත් බවද ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ එස්.බී හේරත් මහතාගේ අත්සනින් අදාල ලිපිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යවා තිබේ.

 



අදහස් (0)

‘ඡන්දය පැවැත්වීම ගැන හරියට කියන්න‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site