IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


චීනයේ මෙරට ව්‍යාපෘති චීනයට දෙනවාද නැද්ද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ණය ගෙවන්න බැරි නම් චීන ආයෝජනයෙන් කළ ශ්‍රී ලංකාවෙි සම්පත් සින්නක්කරව ලියා දෙන්නැයි චීනය පවසා තිබෙන බවට පළවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් උත්තරයක් දිය යුතුව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව දකුණු අධිවේගී මාර්ගය ,මත්තල ගුවන් තොටුපොළ, කටුනායක අධිවෙිගී මාර්ගය,නෙළුම් කුළුණ,හම්බන්තොට වරාය ආදී ව්‍යාපෘති චීනයට දෙන්නට සිදුවෙනවා දැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.

කවුරු රට පාලනය කළත් ශ්‍රී ලංකාව යනු සියලුම දෙනාගේ රට බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසීය.

රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියා සේවකයන් එළියට දමනවා නම් ඊට විරුද්ධ බවද  සේවක අයිතිවාසිකම් ආරක්ෂා කර ගත යුතුව තිබෙන අතර ආයතන පනස් දෙකක් ප්‍රතිව්‍යුහගත කරන්න පුලුවන්දැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.

අද රටේ ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් හිඟය වන නමුත් අය වැයේ රටට ඩොලර් ගෙනෙන  එකම යෝජනාවක්වත් නැතැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

අතුරු අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කීය.

 



අදහස් (1)

චීනයේ මෙරට ව්‍යාපෘති චීනයට දෙනවාද නැද්ද?

ආදර කඳු මුදුන Thursday, 01 September 2022 01:24 PM

චීනා " හන්තානේ " ආදර කඳු මුදුනේ ඔයාගේ ඉඩම් දිහාත් බලාගෙන ඉන්නේ...!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site