(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය වසරේ පළමු මාස 11දී මෙරට මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 18.8ක් බවත් මුළු ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 19.3ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
මුළු අපනයන ආදායම 2024 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 4.9කින් වර්ධනය වී තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ. එසේම පසුගිය වසරේ පළමු මාස 11 දී ආනයන වියදම සියයට 14.2 කින් වර්ධනය වී තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ. 2024 වසරේ පළමු මාස 11 දී මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 11.67 ක් වූ බවත් ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 16.91 ක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
ඇමෙරිකානු ඩොලර් බිලියන 18.8 මුළු අපනයන ආදායමට භාණ්ඩ අපනයනයෙන් උපයා ගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.4 ක් සහ සේවා අපනයනයෙන් උපයා ගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3 ක් අයත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.
පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.60 ක් බවත් භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.77 ක් බවත් ශ්‍රී ලංකාව මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.
එහිදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.60 ක අපනයන ආදායමට භාණ්ඩ අපනයනයෙන් උපයා ගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.04 ක මුදලක් සහ සේවා අපනයනයෙන් උපයා ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 561 ක මුදලක් අයත් වන බව එම වාර්තාව පෙන්වා දෙයි. පසුගිය නොවැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2024 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 5.4 කින් වර්ධනය වී ඇති බවත් ආනයන වියදම සියයට 18.9 කින් ඉහළ ගොස් ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.67 ක් බවද එම වාර්තාවේ සඳහන් වේ. පසුගිය වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී ජංගම හිඟයක් වාර්තා කිරීමෙන් අනතුරුව නොවැම්බර් මාසයේදී නැවතත් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කර තිබෙන බව එම වාර්තාව පෙන්වා දෙයි.
එසේම පසුගිය වසරේ පළමු මාස 11 මෙරට වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9 ක් බවත් 2024 වසරේ පළමු මාස 11දී මෙරට වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.2 ක් බවත් එම වාර්තාවේ දැක්වේ.
අපනයන මිල ගණන්වලට සාපේක්ෂව ආනයන මිල ගණන්වල ඉහළ යාමක් පිළිබිඹු කරමින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී වෙළෙඳ මිල අනුපාතය 2024 වසරට සාපේකෂව ඉහළ ගොස් ඇති නමුත් පසුගිය වසරේ පළමු මාස 11 වෙළෙඳ මිල අනුපාතය 2024 වසරට සාපේක්ෂව සුළු වශයෙන් පහළ ගොස් තිබෙන බව එම වාර්තාවේ සඳහන් වේ.
එසේම පසුගිය වසරේදී ඇමෙරිකානු දොලර්ටයන සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.6 කින් අවප්‍රමාණය වී තිබෙන බවද එම වාර්තාව පෙන්වා දෙයි.
පසුගිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී වෙළෙඳ ගිණුමේ අතිරික්තය ඉහළ යාමක් පෙන්නුම් කළද පසුගිය වසරේ පළමු මාස 11 දී 2024 වසරේ එම කාලයට සාපේක්ෂව වෙළෙඳ ගිණුමේ අතිරික්තය සුළු වශයෙන් පහළ ගොස් තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ. එය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 කට ආසන්න වූ බවද එම වාර්තාවේ සඳහන් වේ.
එසේම පසුගිය වසරේ පළමු මාස 11දී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2 ක පමණ මුදලක් මෙරටට එවා තිබෙන බවත් එය පසුගිය වසරේ පළමු මාස 11 ට සාපේක්ෂව සියයට 20.1 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. එසේම ණය ගෙවීම් මධ්‍යයේ වුවද පසුගිය වසරේ නොවැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව ඇමෙරිකාව ඩොලර් බිලියන 6 ක දළ නිල සංචිත ප්‍රමාණයක් පවත්වා ගෙන තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගිය වසරේ ඩොලර් බිලියන 18.8ක අපනයන ආදායමක්