IMG-LOGO

ගාල්ල නිතිඥයෝ ජනතාවට සහන ඉල්ලති

(ඩි.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

ජනතාව මේවනවිට දැඩි පිඩාවට පත්ව සිටින නිසා  දුර්දාන්ත පාලනය අවසන් කොට මහජනාතවට සහන ලබාදෙන ලෙස   ඉල්ලා ගාල්ල නිතිඥයෝ ගාල්ල  කොටුව අධිකරණ සංකිර්ණය ඉදිරිපිට අද (01) සවස නිහඬ  විරෝධතාවයක් පැවැත්වුහ.

අධිකරණයේ නඩු කටයුතු අවසන් විමෙන් පසු නිතිඥවරු සියලු දෙනාම විරෝධතා පුවරු රැගෙන මහාධිකරණය ඉදිරිපිටට පැමිණ නිහඩ විරෝධතාවයේ යෙදින.

මෙහිදි නිතිඥ ජෝතිරත්න කදිරහෙට්ටි මහතා කියා සිටියේ උද්ඝෝෂණය කිරිම ජනතා අයිතියක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බවය. 

මිරිහානේ සිද්ධියේදි පොදු දේපල පනත යටතේ විශාල පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බවත් උද්ඝෝෂණය කිරිම ජනතා අයිතියක් නිසා එම පිරිසට සහාය දිමට නිතිඥවරු විශාල පිරිසක් ඉදිරිපත්ව සිටින බවත් ඒ මහතා පැවසිය.

රජයේ මෙම දුර්දාන්ත පාලනය අවසන් කොට ජනතාවට සහන ලබා නොදුන හොත් ඉදිරියේදි මෙයට වඩා දැඩිලෙස උද්ඝෝෂණ පවත්වන බවද ඒ මහතා කිය.

කිසිම දේශපාලන පක්ෂ බේදයකින් තොරව ස්වාධිනව සියලුම නිතිඥවරු මෙම උද්ඝෝෂණයට එක්ව සිටින බව නිතිඥ නලනි මනතුංග මහත්මිය කියා සිටියාය.

නිතිය අද  වල්වැදි ඇති බවද පුරවැසියාගේ අයිතිය තහවුරු කල යුතුව ඇති බවද ඒ මහත්මිය පැවසුවාය.

 



අදහස් (0)

ගාල්ල නිතිඥයෝ ජනතාවට සහන ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 380 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site