IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ගෝඨා ගෝ ගමට පහරදීම ගැන විවාදයක් බදාදා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අරගලකරුවන් කොළඹ ගෝල්ෆේස්" ගෝඨා ගෝ ගම" අරගල භූමියෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්වූ විවාදයක් පාර්ලිමේන්තුවේදී අනිද්දා(27) පැවැත්වීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව අද(25) දිනයේ රැස්කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් පෙරේදා(23) ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තුව අද දිනයේ රැස් කිරීම සහ මන්ත්‍රීවරුන් කැඳවීම ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ප්‍රායෝගික වශයෙන් දුෂ්කර හෙයින් හදිසි නීති ගැසට් නිවේදනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුව අනිද්දා බදාදා රැස්වන අවස්ථාවේදී එම කාරණයද විවාදයට ගැනීමට රජය අදහස් කර ඇත.

පාර්ලිමේන්තුව අනිද්දා දිනයේ රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙයට පෙර තීරණය කළේ හදිසි නීතිය පිළිබඳ ගැසට් නිවේදනය සම්මත කිරීම සඳහා පමණකි.

අරගලකරුවන් පහරදී පන්නා දැමීම නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් හෙයින් ඒ පිළිබඳව සංවාදයක් ඇති කිරීම ඉතා වැදගත් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

 



අදහස් (6)

ගෝඨා ගෝ ගමට පහරදීම ගැන විවාදයක් බදාදා

Sepala Sunday, 24 July 2022 03:16 PM

අනේ නිකන් බොරු නැතිව ඉන්න. අපි ඔයාලාව නැවත හමුවෙන්නම්...

:       7       10

ganegoda Sunday, 24 July 2022 10:25 PM

මාලදිවයිනට ටිකට් එකක් අරන් තියාගත්තා නම් තමයි හොඳ... හදිස්සියකට පිහිට වෙන්නේ ඒ වගේ දෙයක් විතරයි...

:       0       1

ganegoda Sunday, 24 July 2022 04:37 PM

ලැබෙන්න තියෙන ප්‍රහාර ගැන වාද විවාද ගැන පැවැත්වූවානම් නේද ඇඟට ගුණ?

:       3       8

BamunuarachchiTuesday, 26 July 2022 07:22 AM

ඔව් ඔව්, මුහුණු වහගත්තු කට්ටිය රෙඩි පිට ඉන්නවා දෙන්නම් පලු යන්න කියලා.

:       0       0

චන්දන Sunday, 24 July 2022 06:12 PM

ඒක තමයි කියන්නේ පාර්ලිමේන්තුව යනු වැඩකට ඇති වැඩක් කරන තැනක් නොවෙයි කියලා... මොවුන්ට ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න ගැන ගානක් නැහැ...

:       2       7

Saman Sunday, 24 July 2022 07:37 PM

පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ යුත්තේ මේ පිළිලයෙන් සමාජය ගලවාගන්නා ක්‍රමයයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 215 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 406 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site