(සනත් ගමගේ)
අම්බලන්තොට වලවේ ගගේ පාලමෙන් කිඹුලන් ගහන ගඟට පැන්න කතක බෝට්ටුකරුවකු බේරාගෙන ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි.
වලවේ ගඟේ පාලම මතින් ගඟට පැන්නා කාන්තාව ගඟේ දිය මතුපිට මීටර් දෙසීයක් පමණ පිහිනා ගිය බව රැස්ව සිටි පිරිස් පවසති.
එම අවස්ථාවේ ගඟ හරහා යාත්‍රා කළ ඔරුවකින් කාන්තාව සිටින ස්ථානයට පැමිණ ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගොඩබිමට රැගෙන ආ බව කාන්තාව බේරාගත් ගමගේ සේනක මහතා කියයි.
ඇය බේරා ගැනීමට ආධාරක කිහිපයක් ලබා දුන්නත් ඒවා සියල්ල ප්‍රතික්ෂේප කළ බව බෝට්ටුවේ සිටි අය පවසති.
කාන්තාව ගඟට පැන්නා ස්තානය මිනී කන කිඹුල්ලු ගහන ස්ථානයක් බව ප්‍රදේශවාසීහු පවසති . ගඟට පැන දිවි බේරුණු කාන්තාව අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව ප්‍රදේශවාසීහු කියති.
කාන්තාව ගඟට පැන්න හේතුව මෙතෙක් අනාවරණය කර නොමැත ගොඩට ගත් කාන්තාව අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගඟට පැන්නත් දිවි තොර නොවේ
උපාලි Friday, 03 March 2023 03:59 PM
දකුණේ ගැහැණුන්ට හැදිලා තියෙන මේ පිස්සුව මොකක්ද?
Kanchana Friday, 03 March 2023 06:52 PM
කරුමේ තමයි... ඒකටත් හතුරෙක්...!