IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


කෝටි 4ක මත්ද්‍රව්‍ය තැපැල් හුවමාරුවේ අල්ලයි

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී. කපිල)

මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ සැකකටයුතු පාර්සල් 25 ක තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ශ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මධ්‍යම තැපැල් හුවමාරුව තුළ කළ  ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු යයි සැක පිට පාර්සල් 25 ක් පරීක්ෂණ කළ බවත් මෙම පාර්සල්  ජර්මනිය සහ එංගලන්තය සිට  කොළඹ,මහරගම,බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබුණද සොයා බැලීමේදී ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එම පාර්සල්  තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත්පෙති 2193 ක්, කුෂ් නැමැති ගංජා විශේෂය ග්‍රෑම්  1740 ක් සහ එම්පෙතමින් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම්  29 සොයා ගත් බවත් අත්අඩංගුවට ගන්නා ලද  මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 43 කට ආසන්න බවත්  අරුක්ගොඩ මහතා සඳහන් කළේය.

මෙම වැටලීම ශ්‍රී ලංකා රේගුව  මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කළ බව කී අරුක්ගොඩ මහතා ඒ සඳහා තැපැල්  දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ලැබුණු බවද සඳහන් කළේය.

පරීක්ෂණ කටයුතු අවසානයේ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය  මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය බවද අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

කෝටි 4ක මත්ද්‍රව්‍ය තැපැල් හුවමාරුවේ අල්ලයි

හෙළයා Wednesday, 06 December 2023 06:07 AM

මේවා දැන් පුච්චලා විනාස කරන්න දෙන්න එපා. ගෙනාපු අයව අත්තඩන්ගුවට ගෙන මෙවා දුප්පත් මිනිස්සුට නිකන් බෙදලා දෙන්න. මේ අමරු කාලෙ එ මිනිස්සුට මේක හොඳ අස්වැසිල්ලක් වේවි.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

රැඳවියා ටියුබ් ලයිටයක් ගිලලා
2024 අප්‍රේල් මස 29 0 0

පස් අවුරුදු සිර දඬුවමකට ලක්ව දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු බන්ධනාගාරයේ කාමරයක් තුළ තිබූ ටියුබ්ලයිටයක් බිඳ ගිල දැමීම හේතුවෙන්ප්‍රතිකාර සඳහා


ද්විත්ව ඝාතන සැකකරු කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 29 7 0

2022 වසරේ අහුංගල්ල ප්‍රදේශයේ හෝටලයක් අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇපමත නිදහස්ව සිටි අපරාධකරුවකු හෙරොයින් මත්කුඩු සමග රඹුක


අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන්තොටුපලේදී අල්ලයි
2024 අප්‍රේල් මස 29 258 0

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙක් යැයි කියන මුල්ලේරියාවේ පදිංචිකරුවෙක් වන එල්ලාවලගේ


ශ්‍රම බලකායත් අඩුවෙයි
2024 අප්‍රේල් මස 29 643 0

මෙරට ශ්‍රම බලකාය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


ලක් ගොවිතැනට චීන මුදලාලිලාගේ උදව්
2024 අප්‍රේල් මස 29 392 1

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීනයේ ක්‍රියාත්මක විශාලම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික එකතුව සහයෝගය පළ කර තිබේ.


මල්ලිගේ කතුරු පහරින් අයියා මරුට
2024 අප්‍රේල් මස 29 853 1

සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මල්ලි විසින් අයියාට කතුරකින් ඇන බරපතල තුවාල සිදු කිරීමෙන් අනතුරුව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 380 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1773 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1606 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site