IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කොළඹ පා ගමනට පොලිසිය ඉල්ලූ ආඥාව ප්‍රතික්ෂේප කරයි

(මනෝප්‍රිය ගුණසේකර)

වැඩි කළ විදුලි බිලට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීම සඳහා විදුලි බල අමාත්‍යංශයට අසළට පැමිණීමට සුදානම් වන ‘අනීතික විදුලි බිලට එරෙහි පාගමන’ ට එරෙහිව ආඥාවක් නිකුත් කරන්නැයි ජා-ඇල” කඳාන” වත්තල සහ මහබාගේ පොලිස්ථානාධිපතිවරු කළ ඉල්ලීමක් වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද  (31) ප්‍රතික්‍ෂෙප කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මහජනතාවගේ භාෂණයේ” රැස්වීමේ” නිදහසේ ගමන් බිමන් යෑමේ නිදහස ආරක්‍ෂා කිරමට අධිකරණය බැඳී ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා අදාළ පාගමනට එක්වන ජනතාව සාමකාමී තත්වයය කඩ කරනු ලැබුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ඇති බවත් පෙන්වා දුන්නේය.

ජා-ඇල පොලිස්ථානාධිපති චමින්ද එදිරිසුරිය” කඳාන පොලිස්ථානාධිපති ගාමිණී සෙනරත් හේවාවිතාන” වත්තල පොලිස්ථානාධිපති අනුර ගුණවර්ධන සහ මහබාගේ පොලිස්ථානාධිපති සුභාෂ් ප්‍රියදර්ශන යන මහත්වරු වෙන වෙනම වාර්තා 04ක් අධිකරණයට ඉදිරිපත් කරමින් වැඩි කළ විදුලි බිලට එරෙහිව විදුලි බල අමාත්‍යංශයට අසළදී විරෝධතාවයක් පැවැත්වීම සඳහා පිරිසක් දිවුලපිටිය නගරයෙන් හෙට (01) උදෑසන 8.00ට පිටත්වීමට කටයුතු සුදානම් කොට ඇතැය දැනුම් දුන්හ.

‘අනීතික විදුලි බිලට එරෙහි පාගමන’ නමින් නම් කොට ඇති මෙම පාගමනට සම්බන්ධ පිරිස මිනුවන්ගොඩ” ඒකල” ජා-ඇල” කඳාන” මහබාගේ සහ වත්තල නගර පසුකර විදුලි බල අමාත්‍යංශයට අසළට පැමිණීමට සුදානම් වන බවටද ඔවුන් පන්දම් දල්වා ගෙන මෙම විරෝධතා පාගමනට එක්වන බවටද බුද්ධි තොරතුරු ලැබී ඇතැයිද ඔවුන් පසුකරන තම පොලිස් බල ප්‍රදේශවල ඉන්ධන හල් 20කට වැඩි ප්‍රමාණයක් ඇතැයිද දැනුම් දුන් පොලිස්ථාධිපතිවරු විරෝධතාකරුවන්ගේ පන්දම් හේතූවෙන් ඉන්ධන හල් ගිනිගෙන විශාල විනාශයක් වීමට හැකියාව ඇතැයිද සඳහන් කළහ.

මෙම විරෝධතා පාගමන හේතූවෙන් කොළඹ මීගමු මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග අවහිර වීමට හැකියාව ඇති බවත් එසේ වුවහොත් එම මාර්ග භාවිතා කරන සාමකාමී ජනතාවට පීඩා ඇතිවිය හැකි බවත් ජනතාවගේ දෛනික කටයුතු වලට බාධා විය හැකි බවත් ජාතික ආර්ථිකයට හානි විය හැකි බවත් සඳහන් කළ පොලිස්ථානාධිපතිවරු විරෝධතා පාගමන හේතූවෙන් පොදු දේපළ පනත” මංමාවත් පනත” පොලිස් ආඥා පනත” දණ්ඩ නීතී සංග්‍රහය” උල්ලංඝණය විය හැකි බවත් පෙන්වා දුන්හ.

එහෙයින් මෙම විරෝධතා පාගමන සංවිධානය කරන සසුන රැකුමේ ගෝලීය සංසදයේ කැඳවුම්කරු බලංගොඩ කාශ්‍යප හිමි” විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික” ජාතික පුරවැසි උපදේශණ සංගමය සහ පාගමනට සම්බන්ධ වන සියළුම ජනතාවට එරෙහිව මෙම විරෝධතා පාගමන මෙම පොලිස් බල ප්‍රදේශවල නොපැවැත්වීමට ආඥාවක් නිකුත් කරන්නැයි පොලිස්ථානාධිපතිවරු ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා පැමිණීලිකාර පොලිස්ථානාධිපතිවරු මෙම ආඥාව ඉල්ලා ඇත්තේ අනාගතයේ විය හැකි ක්‍රියාවක් සම්බන්ධයෙන් බවත් අනාගතයේ විය හැකි ක්‍රියාවක් අධිකරණයට තීන්දු කළ නොහැකි බවත් පෙන්වා දුන්නේය

පොලිස්ථානාධිපතිවරු ඉල්ලා ඇති මෙම ආඥාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මහජනතාවගේ භාෂණයේ” රැස්වීමේ” නිදහසේ ගමන් බිමන් යෑමේ නිදහස සමඟ සෘජුවම ගැටීමක් වන බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා විරෝධතා පාගමනට සම්බන්ධ වන ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සාමාකාමි තත්වය කඩ කරනු ලැබුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ඇති බව අවධාරණය කරමින් ඒ අයුරින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ඇති බවත් පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් පෙන්වා දුන්නේය.

 



අදහස් (11)

කොළඹ පා ගමනට පොලිසිය ඉල්ලූ ආඥාව ප්‍රතික්ෂේප කරයි

Bamunuarachchi Wednesday, 01 November 2023 04:58 AM

මම දකින්නේ පොලිසියට JVP මැරයින්ට පහර දීමට අවස්ථාවක්‌ ලැබුණු හැටියටයි. පාගමන තහනම් වුණා නම් පහර දීමට අවස්ථාවක්‌ ලැබෙන්නේ නැහැ. දැන් පුළුවන් පොලිසියට කඳුළු ගෑස්, ජල ප්‍රහාර සමග බැටන් ප්‍රහාරත් දෙන්න. උද්ඝෝෂණ කළා කියලා විදුලි බිල අඩුකරන්නේ නැහැ කියලා මේ ගොබ්බයින් තේරුම් අරන් නැහැ... ජෙප්පෝ මේ මිනිස්සුන්ව අල්ලේ නටවනවා...!

:       31       5

Aravinda MonarawilaWednesday, 01 November 2023 01:24 PM

අපි දන්නවා හරක් තප්පුලන බව...!

:       1       1

SARATH ANANDAWednesday, 01 November 2023 01:25 PM

අනේ බමුණෝ, ඔයාද ලයිට් බිල වැඩිකළේ... හරිම දුකයි නේද? හැම එකටම ජෙප්පෝ අල්ලගන්නේ ඔයත් බේරෙ වැවේ නෑවාද?

:       0       8

fairoosWednesday, 01 November 2023 02:00 PM

බමුණා වගේ බයියන් ඉන්නකන් රටට අබ සරණයි..කාලකණ්ණි රට කෑවා..

:       0       7

Bamunuarachchi Wednesday, 01 November 2023 04:29 PM

මේක අපේ රට... ඒක මතක තියාගන්න. ඔය විදුලි බිල අඩුවෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. රුපියල් 20000 පඩි වැඩි වෙන්නෙත් නැහැ. දැන් බෝට්ටු සේවයක් තිබෙනවා... යන්න ආපු රටටම.

:       3       3

Bamunuarachchi Thursday, 02 November 2023 07:36 PM

ආපු රටකට තොලොංචි වෙයල්ලා. ඔබලාගේ ඇමැතියෝ තමයි හම්බ ගැහැණුන් රජයේ සේවයට අරගෙන ගෙවල්වල තියලා පඩි දුන්නේ. රජයේ සේවයට ගන්න ඉස්ලාම් ආගම සමත් වීම සුදුසුකමක් කළේ. ගම්මිරිස් සරණ සොයා ආපු උඹලා ඉන්නතුරු මේ රටට අබ සරණයි තමයි.

:       0       0

Ratne Wednesday, 01 November 2023 07:00 AM

ජා-ඇල, කඳාන, මහබාගේ, වත්තල පොලිස් ස්ථානාධිපතිවරු, ඔබේ ඉල්ලීම් සම්පූර්ණයෙන්ම වැරැදියි. මේ වගේ ඉලීගල් ඉල්ලීමකට වඩා පාරදිගේ රෙදි නැතුව දුවන එක හොඳයි...

:       1       23

Rohana Wednesday, 01 November 2023 07:34 AM

නියම තීන්දුවක්. අධිකරණයට බොරුකියලා ආඥාවල් ගන්න බැහැනේ... සාමය කඩවුණොත් පමණක් පොලිසියට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකියි...

:       0       22

නිශාන්ත Wednesday, 01 November 2023 09:24 AM

හොරා පොලිස් ලා ගේ ලයිට් බිල මහ බැංකු හොරා ගානේ වෙන්ඩෑ

:       1       22

Aravinda Monarawila Wednesday, 01 November 2023 12:32 PM

ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන්න සූදානම් වෙලා ඉන්න පොලීසියේ හේනේ මාමලාට අබ සරණයි. නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන තාලය කියාදුන් අයට ස්තුතියි...

:       0       18

Bamunuarachchi Thursday, 02 November 2023 12:23 AM

කොච්චර උද්ගෝෂණ කලත් බෙරිහන් දුන්නත් විදුලි බිල අඩුවෙන්නේ නැති බව මේ ගොබ්බයො තේරුම් අරන් නැහැ. ජෙප්පෝ මුන්ව කුරුකුන්ඩෝ බොල කුරුකුන්ඩෝ මාත් නටන්නම් බොල තෝ නටාපිය කියමින් මේ මෝඩයින්ව අල්ලේ නටවනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site