(දයාරත්න ඇඹෝගම)
ඔයාමඩුව, දේවාලය පිටුපස පිහිටි වැවේ වැව් බැම්ම මතදි දස හැවිරිදි හා පස් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනකුට කෝටුවක් පෙන්වා තර්ජනය කොට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ බව කියන කසිප්පු ජාවාරම් කරුවකු අත්අඩංගුවට ගත් බව ඔයාමඩුව පොලිසිය කියයි.
සැකකරු 25 හැවිරිදි වියේ පසුවන කසිප්පු ජාවාරම් කරුවෙකි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත ඔයාමඩුවේ පොලිස් නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන දරුවන් දෙදෙනාද සිය භාරයට ගෙන තිබුණි.
එම ස්ථානයට යන අවස්ථාවේදි දරුවන් දෙදෙනා කසිප්පු පානය කිරිමේ හේතුවෙන් අධික මත්ගතියෙන් පෙලෙමින් සිටි බවද පොලිසිය පැවසිය.
කසිප්පු පානය කිරිමේ හේතුවෙන් රෝගාතුරව සිටි දස හැවිරිදි දරුවා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කසිප්පු ජාවාරමා දරුවන් දෙදෙනකුට කැත වැඩක් කරලා
Nimal Sunday, 09 October 2022 06:34 AM
පාර්ලිමේන්තු යන්න නියම සුදුස්සෙක්.
Premasiri Sunday, 09 October 2022 01:10 PM
ඔයාමඩුව කියන්නෙ අරයගෙ ජයට කිරුල තිබුන ප්‍රදේශයක් නිසා ඔහොම වුනා කියලා පුදුමයක් නැහැ ඔහොම නොවුනොත් තමා පුදුමෙ.
Andrew Perera Sunday, 09 October 2022 06:00 PM
මෙවැනි අමනුශ්‍යයෝ නඩු දමා, සිරගත කර කිසිදු පලක් නැත. සිරෙන් නිදහස්වූ විගසම මොවුන්ගේ ක්‍රියාකාරකම් පෙර ලෙසටම කරති. තමන් කල ක්‍රියාවේ බරපතළකම ඔහුටම අත්විඳීමට ඔහුගේම කසිප්පු සිහිසුන් වෙනතුරුම ඔහුටම පෙවිය යුතුය.