
(තිලකරත්න දිසානායක)
දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්හිදී කොල්ලකෑම් ඇතුලු අපරාධ ගණනාවකටම සම්බන්ධ බව කියන අපරාධ කරුවන් දෙදෙනෙකු , ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය කියයි.
සංචරණ නීති කඩකරමින් සැක සහිත පුද්ගලයින් දෙදෙනෙකු සැරිසරන බවට දොරණාගොඩ ප්‍රදේශවාසීන් විසින් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට කළ දැනුම්දීමකට අනුව මොවුන් අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් පරීක්‍ෂා කිරීමේදී අයෙකුගේ යට ඇදුම තුළ සඟවාගෙන සිටි මෙරට නිශ්පාදිත ටී කටස් නමින් හදුන්වන ගිනි අවියක් සහ ටී 56 ප්‍රමාණයේ උණ්ඩ කිහිපයක් තිබී සොයා ගැනීමට හැකිවූ බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා පැවසීය.
මොවුන් වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි දෙදෙනෙකු වන බවත් මින් අයෙකු ගෙවල් බිදුම් ඇතුලු අපරාධ අටක් සම්බන්ධයෙන් පල්ලෙතැන්න රක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටියදී ඉන් පළාවිත් සිටින වරෙන්තු අටක් පිට සිටින්නෙකු බවත් අනාවරණය වී ඇත.
අනෙකාද අපරාධ හතකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් මොවුන් බදුල්ල , අනුරාධපුර, දික්වැල්ල , කුලියාපිටිය ඇතුලු විවිධ ප්‍රදේශයන්හිදී ගෙවල් බිදුම් ඇතුලු අපරාධ සිදු කොට ඇති බවත් හෙලිව ඇති බවත් පොලීසිය පවසයි.
මොවුන් දෙදෙනා බන්ධනාගාරගතව සිටි කාලය තුල දැන හැදිනගත් අපරාධකරුවන්ගේ සම්බන්ධතා මත දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්හි කොල්ලකෑම් ආදිය සිදුකොට ඇති බවද අනාවරණය වී ඇති අතර මොවුන්ට ගම්පහ ප්‍රදේශයේ අපරාධ සිදු කිරීම සදහා සහයෝගය ලබා දෙන පිරිස් සිටීද යන්න සොයා බැලීම සිදු කරන බවත් උප පොලිස් පරීක්ෂක බිනුර රණසිංහ මහතා සදහන් කළේය.
2025 නොවැම්බර් මස 04
634
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2316
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොල්ලකෑම්-අපරාධ වලට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට
anula Saturday, 29 May 2021 05:27 AM
අපරාධ 7-8ක් කළා නම් මොනවටද මේ අය එළියට දැම්මේ..? ඔය අය අවුරුදු 20කට හිරේ දාන්න ඕනෑ..