IMG-LOGO

කොරියා සිහිනය බොඳ කළ අයෙක් මාට්ටු

(ෂේන් සෙනෙවිරත්න)

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් විදේශ ගමන් බලපත්‍ර 275 ක් එකතුකොට සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මහනුවර ගැටඹේ දංගොල්ල පාරේ පවත්වාගෙන ගිය විදේශ රැකියා ආයතනයක් වටලා එම විදේශ ගමන් බලපත්‍ර තොගය සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට ගැනීම සිදු කළ විමර්ශන නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ එම විදේශ රැකියා ආයතනයට වෙනත් රටවලට රැකියා සඳහා ශ්‍රමිකයන් යැවීමට බලපත්‍ර තිබුණත් දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අවසර නොතිබූ බවයි .

මෙම මෙහෙයුම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් වන සරත් විමලවීර, වසන්ත ඒකනායක, මධුෂාන් විජේවර්ධන, සහ විමර්ශන නිලධාරිනියන් වන නදිකා චන්දිමාලි සහ ගයේෂා සුභාෂිනි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ .

 



අදහස් (0)

කොරියා සිහිනය බොඳ කළ අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site