IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කරාපිටිය රෝහලේ පිරිසක් පැය හතරක් සේවයෙන් ඉවත් වේ

(සිරංගිකා ලොකුකරවිට)

කොරෝනා රාජකාරී ඉටුකිරීමේ දී තමන් මුහුණ දී සිටින ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවයේ විවිධ වෘත්තිකයෝ අද (03) උදෑසන 8.00 සිට 12.00 දක්වා පැය 04ක සංකේත වැඩ වර්ජනයක නිරත වූ අතර දහවල් රෝහලේ දී උද්ඝෝෂණයක් ද කළහ.

පරිපූරක වෛද්‍යවරු, අතුරු වෛද්‍යවරු, හෙද හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය, රියදුරු හා ලිපිකරු යන සේවාවන්හි වෘත්තිය සමිති 20ක් පමණ මෙයට සහය දැක්වූහ.

කොරෝනා ආසාදිතයන් හා ආශ්‍රිතයන් සඳහා සේවය සැපයීමේ දී රෝහල් සේවකයන්ට ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දෙන ලෙසත් රෝගීවන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ප්‍රතිකාර ලැබීමේ හා ආශ්‍රිත වන පවුල් සාමාජික සාමාජිකාවන් සඳහා නිරෝධායනය වීමේ නිශ්චිත වැඩපිළිවෙලක් සකසන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

එමෙන් ම කොරෝනා එන්නත නොලැබුණු සෞඛ්‍ය සේවක සේවිකාවන් පිරිසක් තවමත් සිටින බැවින් ඔවුන්ට වහාම එන්නත් ලබාදෙන ලෙසත් වෛද්‍යවරුන්ගේ නිවාසවල සිටින සේවකයන් පවා එන්නත් කළ පසුබිමක තම පවුල්වල බිරිඳ හෝ සැමියා සහ දෙමාපියන්ට ලබාදිය යුතු බවත් වර්ජනයට හා උද්ඝෝෂණයට සහභාගී වූ මෙම සෞඛ්‍ය සේවකයෝ ඉල්ලා සිටියහ.



අදහස් (0)

කරාපිටිය රෝහලේ පිරිසක් පැය හතරක් සේවයෙන් ඉවත් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 634 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2316 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site