IMG-LOGO

කොරෝනා වාහකයන්ගෙන් සියයට 80 ක්ම මතුපිටින් පේන්නේ නෑ

විනීතා එම් ගමගේ

විශේෂයෙන් කොරෝනා රෝගයේ දී රෝගින් ගෙන් 20% ක් රෝග ලක්ෂණ මතු නොවන අතර තවත් 60 % කට රෝග ලක්ෂණ මතුවන්නේ ඉතා සුළු වශයෙන් බව රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමය කියයි.

මේ නිසා කොරෝනා වයිරසය වැළදී රෝගය අන් අයට සම්පේ‍්‍රෂණය කරන පිරිස අතරින් 80 % ක්ම රෝගය පතුරන බව බැලූ බැල්මට සොයා ගැනීමට අපහසු කාණ්ඩයට අයත් බව ද එම සංගමය පෙන්වා දෙයි.

කොරෝනා රෝගය වැළදී ඇත්දැයි සොයා බලන පී සී ආර් පරික්ෂණයේ දී 30% කට රෝගය වැළදී තිබුණත් රෝගීන් ලෙස හදුනාගැනීමට නොහැකි වන බවත් ඔවුන් හරහා ද රෝගය වැළදීමේ ප‍්‍රවනතාවක් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි. 

වගකීම් විරහිත ලෙස කටයුතු කරන පුරවැසියන් පිරිස ඉතා සුළු පිරිසක් වුවද ඔවුන්ගෙන් සිදුවන  හානිය අති විශාල යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.

මේ නිසා ඇදිරි නීතිය පැනවීම වැනි මේ දක්වා භාවිතා කල ක‍්‍රමවේදයන් තවත් දැඩි ලෙස ක‍්‍රියාත්මක කළ යුතු යැයි එම සංගමය කියයි.

එමෙන්ම රෝග ස්පර්ශකයන් නිවැරදි නිරෝධායනයට ලක්කිරීම ද අත්‍යවශය යැයි පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අත්‍යවශය රාජකාරිවල දී නිරෝගි තරුණ පිරිස් යොදවා ගැනිමේ වැදගත්කම ද පෙන්වා දෙයි.

රෝගයේ සංකුලතා වැඩි හා අවදානම වැඩිවන්නේ අවුරුදු 60 ට වැඩි අයට බවත් රෝහල් පද්ධතියේ ඇදන් වැඩි  ප‍්‍රමාණයක් ඔවුන් වෙනුවෙන් වෙන් වීම වැළැක්වීම සදහා ඔවුන් නිවෙස් තුළම රදවා ගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරි්න්ගේ සංගමය තව දුරටත් පෙන්වා දෙයි.

රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා උපයෝගී කරගෙන කඩිනම් රෝග හදුනාගැනීමේ ක‍්‍රම රට තුළට ගෙන්වා ගැනීමත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි නිරෝධායනයට ලක්කර සිටින පිරිස නිරන්තර පරික්ෂණවලට ලක්කර යුතු යැයි ද එම සංගමය යෝජනා කරයි.

එමෙන්ම දැඩි සත්කාර ඒකක ඇතුඵ පහසුකම් ඇති රෝහලක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල කොරෝනා රෝග ප‍්‍රතිකාර සදහා සුවිශේෂී රෝහලක් ලෙස සූදානම් කරන්නැයි ද එම සංගමය ඉල්ලා සිටියි.  



අදහස් (2)

කොරෝනා වාහකයන්ගෙන් සියයට 80 ක්ම මතුපිටින් පේන්නේ නෑ

jayath Thursday, 02 April 2020 09:06 AM

මේකේ අන්තිම ඉල්ලීම නම් මම හිතන්නේ රජය කියන විදියට ඉටු වෙලා තියෙන්නේ .

:       0       0

Akila Thursday, 02 April 2020 10:27 AM

එක තමයි කියන්නේ හැම දෙනාම මුහුණු ආවරණ පලදිනවානම් , රෝගය තියනව කියල නොදන්නා අයගෙනුත් රෝගය පැතිරීම බොහෝ දුරට වලකා ගත හැකි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 283 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 455 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site