IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කොරෝනා මඩින්න රජරට විශ්ව විද්‍යාල සිසුන්ගෙන් රෝබොවෙක්

උපුල් තම්මිට  

කොරෝනා ආසාදිතයින් හට ලබාදෙන ප්‍රතිකාර වඩාත් ආරක්ෂාකාරී ලෙස හා කඩිනමින් ලබාදීම සදහා ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂන පීඨයේ සිසුන් විසින්  කරන ලද රෝබෝ යන්ත්‍රය අද(10) සවස අනුරාධපුර ශීක්ෂන රෝහලට අනුබද්ධිත මෙත්සිරිසෙවන වෛද්‍ය මධ්‍යස්ථානය වෙත බාර දීම සිදුකෙරිණි.

කෙරෝනා ආසාදිතයින් යැයි සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම සදහා මෙත්සිරිසෙවන වෛද්‍ය මධ්‍යස්ථානය වෙන්කර තිබේ.

මෙම රෝබෝ යන්ත්‍රය දුරස්ථ පාළකයක් මගින් සම්පූර්ණයෙන්ම මෙහෙයුම් සිදුකලහැකි වන අතර රෝගියා ලගට නොගොස් ඖෂධ ලබාදීම, රෝගියා සමග සාකච්ඡා කිරීම ඇතුලු පහසුකම් රැසකින් සමන්විතවන අතරම කිලෝ ග්‍රෑම් විසිපහක පමන බර සහිත ඖෂධ රැගෙනයාමේ පහසුකම්වලින්ද සමන්විතය.

වෛද්‍යවරුන්ට ඕනැම ස්ථානයක සිට රෝගීන් නිරීක්ෂනය කිරිම හා සංවාදයක නිරතවීමේ පහසුකම්ද මෙම රෝබෝ සතුවීම විශේෂත්වයකි.

මෙම රෝබෝව නිර්මානය කිරීම සදහා රුපියල් පනස්දහසක් පමන වැයවූ බව පවසන සිසුන් රුපියල් ලක්ෂයක වැනි මුදලකින් මීට වඩා පහසුකම් රැසකින් සමන්විත තාක්ෂනයෙන් උසස් රෝබෝවක් නිර්මානය කලහැකි බව එම සිසුහු පැවසූහ.

දින දෙකක් වැනි සුළුකාලයක් තුලදී මෙම නිර්මානය අවසන් කර ඇති අතර මේ සදහා රජරට විශ්ව විද්‍යාලයේ පාළනාධිකාරිය පූර්ණ සහාය ලබා දී ඇති අතරම ශ්‍රී ලංකා යුදහමුදාවේ 21වැනි සේනාංකය ඇදිරිනීතිය සමයේ  අමුද්‍රව්‍ය සොයාගැනීම සදහා උපකාර ලබාදී තිබේ.

රෝබෝ යන්ත්‍රය නිළවශයෙන් භාරදීම අද සවස මෙත්සිරි සෙවන රෝහලේදී පැවැත්වුනු අතර වසංගත රෝග නිවාරන මෙහෙයුම් ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීන් වෙත භාර දෙනු ලැබූ අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුරාධපුර පිහිටි 21 වැනි සේනාංකාධිපති කර්නල් විකුම් ලියනගේ අනුරාධපුර ශීක්ෂන රෝහලේ විෂේශඥ වෛද්‍ය හේමාල් සේනානායක යන මහත්වරුන් ඇතුළු වේ.



අදහස් (5)

කොරෝනා මඩින්න රජරට විශ්ව විද්‍යාල සිසුන්ගෙන් රෝබොවෙක්

Prabath. Friday, 10 April 2020 03:56 PM

අලුතෙන්ම නම් කරන ලද කොරෝන සැක රෝගීන් සඳහා වෙන්කරන ලද මිනුවන්ගොඩ රෝහලටත් ඔබගේ සහය ලබා දෙන්න.

:       0       143

wije Friday, 10 April 2020 04:33 PM

ඉදිකටුව , සරුංගලය , වෙසක් කූඩුව , කොන්ඩකටුව රටින් ගෙනාපු රටේ නේද දෙවියනේ මෙච්චර වටිනා හැකියාව තියන දක්ෂයෝ ඉදලා තියෙන්නේ. මේ පලවෙනි එක නෙවෙයි පහුගිය දින කීපයට අපේ රටේ අපේම කොල්ලෝ කෙල්ලෝ පිරිස අත සෝදන උපකරණ , රොබෝවරු , දුරස්ථ පාලකය මගින් ක්‍රියා කරවන මෙට්ට වගේ දේවල් හැදුවා නේද? අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවදානය පිණිසයි . දැන්වත් අපේ පාලකයින්ගේ ඇස් ඇරේවා...!!!

:       0       128

Champa Friday, 10 April 2020 04:57 PM

ඉතාම හොඳ නිර්මාණයක්. මම මේ වගේ දේවල් කියවන්න හරි කැමතියි. හරිම ආඩම්බරයි අපේ තරුණයෝ ගැන. රුපියල් පනස්දාහකින් දවස් දෙකකින් හදල තියෙන්නේ. වචන නැහැ කියන්න මොන තරම් දක්ෂකමක්ද කියල. මේවාට පේටන්ට් බලපත්‍ර අරන් තියාගන්න.

:       0       110

jayath Saturday, 11 April 2020 02:44 AM

ඉතාම අඩු මුදලකට ගන්න පුළුවන් (රු 1000 ක් විතර ) වෙන open source soft ware එකක් තියනවා ARDUNIO කියල මම හිතන්නේ මේ හැම නිර්මානයකම හරය ඕකඊළඟට පේලි 7- 8 ක ප්‍රෝග්‍රෑම් එකක් . ඊටත් අමතරව රොබෝ අත් , STEPPER MOTOR ඉතාම ලාබෙට ගන්න පුළුවන් මේ ඔක්කොම තිබුනත් වැඩක් නැහැ නිර්මානාත්මක හැකියාව මෙතෙන්ට එකතු උනේ නැත්නම් සාර්ථක කල්පනයක් -උත්සාහයක් - ජයවේවා !

:       0       0

Laal Saturday, 11 April 2020 04:08 AM

ඉතම අනර්ඝයි. මෙය ව්‍යාපාරයක් වශයෙන් කරන්න සැලසුම් කරගන්න. ජයවේවා!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 390 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 548 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site