IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිත ගර්භනී මවුවරු 184 රෝහල්වල

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන් 184 දෙනකු මේ වන විට රෝහල්ගතව සිටින බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි.

ඔවුන්ගෙන් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් කළුබෝවිල සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල්වල දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම ගර්භනී මවුවරුන් කොවිඩ් රෝගයට බියේ වෙනත් රෝග සඳහා ද වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි යොමුවීමෙන් වැළකී සිටින බව කී වෛද්‍යවරයා එවැනි මවුවරුන් දෙදෙනෙක් මේ වන විට මියගොස් ඇතැයි ද කියයි

මීට දින කිහිපයකට ඉහතදී ඉන් එක් මවක් මියගොස් ඇත්තේ අධික රුධිර පීඩනයෙන් වන අතර ඇය නිවුන් දරුවන් ප්‍රසූත කිරීමට සූදානමින් සිට ඇතැයි කී වෛද්‍යවරයා ඊට පෙර කොවිඩ් දෙවැනි රැල්ලේ දී ගොතටුව ප්‍රදේශයේ ගර්භනී කාන්තාවක් දිගින් දිගටම සිදුවූ වමනය හේතුවෙන් විජලනය වී මියගිය බව ද පැවසීය.

ගැබිනි මවුවරුන් කුමන හෝ රෝගී තත්වයක් ඇතිවුව ද වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගැනීමත්, සායන සඳහා නිසි ලෙස සහභාගීවීමත් වැදගත් බව ද ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

කොරෝනා ආසාදිත ගර්භනී මවුවරු 184 රෝහල්වල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 52 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 259 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site