(නිමන්ති රණසිංහ)
කොරෝනා රෝගයෙන් මෙතෙක් මියගොස් සිටින 608 දෙනා අතුරින් 570 දෙනකු වයස අවුරුදු 40ට වැඩි අය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.
මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා මරණ අතුරින් වයස අවුරුදු 40ට අඩු අය 38 දෙනකු වාර්තා වී ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නවතම වාර්තාව අනුව වයස අවුරුදු 1ත් 9ත් අතර එක් අයකු ද, වයස අවුරුදු 10ත් 30ත් අතර 09 දෙනකු ද, වයස අවුරදු 31ත් 40ත් අතර 15 දෙනකු ද, වයස අවුරුදු 41 ත් 50ත් අතර 49 දෙනකු ද, වයස අවුරුදු 51ත් 60ත් අතර 81 දෙනකු ද, වයස අවුරුදු 61ත් 70ත් අතර 154 දෙනකු ද, වයස අවුරුදු 71ට වැඩි 286 දෙදෙනකු වශයෙන් සම්පූර්ණ මරණ සංඛ්‍යාව 608 ක් වශයෙන් ඊයේ (15) දින පෙරවරුව වන විට වාර්තා වී තිබේ.
මෙසේ මරණයට පත්ව ඇති වයස අවුරුදු 40 ට වැඩි පිරිස එනම් 570 දෙනා සමස්ත කොරෝනා මරණවලින් සියයට 95ක් වන බවද වාර්තා වෙයි.
මෙම මරණ අතරින් කොරෝනා පළමු රැල්ලෙන් මරණ 13ක් ද කොරෝනා දෙවන රැල්ලෙන් මරණ 595 ක් ද වශයෙන් වාර්තා වී ඇති බවද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකශ කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනාවෙන් වැඩිම මරණ වයස 40ට වැඩි අය