IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුරුගඟේ පා වෙමින් තිබූ මළ සිරුරක් සොයා ගනී

(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුගගේ පාවෙමින් තිබු අසුහතර හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරක්  එක්නැලිගොඩ කම්මලේ තොටුපළ ආසන්නයේ රැඳී තිබිය දී අද(26) පෙරවරුවේ සොයාගත් බව කුරුවිට පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ කුරුවිට උඩකඩ පදිංචි පී. සිරිසේන නැමැති අයකුගේ බව ඥාතීන් විසින් හඳුනාගත් බව ද පොලීසිය සඳහන් කළේය.

ගොඩගනු ලැබූ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලට ගෙනයනු ලැබිණි.
වැසි හේතුවෙන් කුරු ගඟේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළගොස් ඇති අතර මියගිය තැනැත්තා අද  උදැසන දියනෑමට උඩකඩ සිට එරත්නාගොඩ දෙසට යන තොටුපළට ඇවිත් ඇති බව එතැන තිබූ ඔහුගේ ඇඳුම්වලින් අනුමාන කරන බව ද පොලීසිය පැවසුවේය.

සිරුර හමුව ඇත්තේ අනතුර සිදු වී ඇති ස්ථානයේ  සිට කිලෝ මීටර් එක හමාරක් පමණ පහළින් බවත් පොලිසිය කියයි.
 



අදහස් (0)

කුරුගඟේ පා වෙමින් තිබූ මළ සිරුරක් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 714 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site