IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කොමිසම එන්න කියන දවසේ රනිල් කොළඹ නෑ

(අංජුල මහික වීරරත්න)

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ බැවින් වික්‍රමසිංහ මහතා සහ නීතිඥයන් ඒ කාලයේ කොළඹ රැඳී නොසිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිසා කොමිසම හමුවේ පෙනී සිටීමට වෙනත් දිනයක් ඉල්ලීමට පියවර ගැනෙනු ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය පවසයි.

හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති වශයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියා කර තිබෙන අතිශය වේගවත් ස්වරූපය පුදුමය දනවන සුළුය.

ඉහත ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ ප්‍රථම වරට ප්‍රචාරය වූයේ ඊයේ (10)සවස හයටය.එදින රාත්‍රියේ සිට පසුදින කාර්යාල විවෘත වන වේලාව තෙක් කිසිදු නිලධාරියෙක් කොමිෂන් සභාවේ රාජකාරි නොකළ බව තහවුරු වෙයි.

කොමිසමට කැඳවීමට අදාළ ලිපිය viiiවැනි විධායක ජනාධිපතිවරයාගේ කාර්යාලයට ලැබුණේ අද(11) දහවල් 12.30 ට පමණය.කොමිෂන් සභාවේ නියමය පරිදි හිටපු ජනාධිපතිවරයා එය හමුවට කැඳවන බව ලිපියේ සඳහන්ය.මේ අනුව පැහැදිලි වන කරුණු කීපයකි.

ප්‍රකාශය කර පැය 18 ක් ගත වීමට මත්තෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දීම කර තිබේ.

නිලධාරීන් කොමිසමේ රාජකාරි නොකරන රාත්‍රී කාලය අඩු කළ විට සියලු දේ සිදුව ඇත්තේ පැය තුනක පමණ කාලයක් ඇතුළතය.එම කාලය තුළ ඉහත ප්‍රකාශයට අදාළ ලිපි ගොණුව නිලධාරීන් විසින් සකසා එය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර නියමය නිකුත් කිරීම වෙනුවෙන් කොමිෂන් සභාවද රැස්කර තිබෙන බව පැහැදිලිවම නිරීක්ෂණය වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මේ ක්‍රියාකාරීත්වය ලෝක වාර්තාවක් තැබීමට සමාන වේ.අල්ලස් කොමිසම මීට පෙර ඒ ආකාරයට කිසි විටක ක්‍රියා කර නැත.

කොමිසම හමුවේ පෙනී සිටින ලෙස viii වන විධායක ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළය.හිටපු ජනාධිපතිවරයාත් ඔහුගේ නීතිඥයනුත් මේ කාලය තුළ කොළඹ රැඳී නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමට පියවර ගැනෙනු ඇත.

 



අදහස් (19)

කොමිසම එන්න කියන දවසේ රනිල් කොළඹ නෑ

මාබංකුසිංහ Friday, 11 April 2025 06:57 PM

දෙනියායේ වත්තට ආවොත් යාලුවත් එක්කම මුණගැහෙන්න පුළුවන්. අනික් එක අපිට පුරුදු පරීක්ෂණ යට ගහලා... ඔච්චර ඉක්මනට යුක්තිය, සාධාරණත්වය, සත්‍ය කවදාවත් අපි හොයයිද?

:       0       0

කව්ද බෝයි Friday, 11 April 2025 07:06 PM

අද දවල් 12.30 වෙනකොට කොමිසමෙන් ලියුම ලැබුණාම, හවස් වෙන්න කළින් කොමිසමේ ක්‍රියාකලාපය ගැන හොයාගෙන නිවේදනයක් නිකුත්කරන එකත් ලෝක වාර්තාවක්. මාද්‍ය සංදර්ශණ දානවාට වඩා හොඳ නැද්ද, කොමිසමට ලියුමක් ගැහුවා නම් වෙන දිනයක් ඉල්ලලා.

:       0       0

ප්‍රියන්ත Friday, 11 April 2025 07:12 PM

කිසිම බලයක් නැති, හිටපු ජනාධිපතිවරයෙකු (සැබෑ මහජන ඡන්දයෙන් පත් නොවුනු) මිස, තව දුරටත් අටවන විධායක ජනාධිපති වරයෙක් මේ රටේ නොමැති බව නොතේරේද?

:       0       0

ලලනි Friday, 11 April 2025 07:15 PM

රටේ සියළුම පුරවැසියන් තමුන්ගේ පුද්ගලික වැඩ දෙවැනුව තබා, නීතියට අවනත විය යුතුයි...

:       0       0

ලූට මූස් Friday, 11 April 2025 07:22 PM

යන්න කලිං තමයි කිව්වෙ මුත්තේ ….! පොර ටෝක් දෙන්න කලින් හිතන්න තිබුණේ. දැන් ඉතින් අල් ජසීරා දෙවැනි කොටස…!

:       0       0

ලක්විදු Friday, 11 April 2025 08:53 PM

ඔව් එයාලා පැය තුනෙන් කළා තමයි, ඉතිං ඔහේට මොකද? කව්රුවත් ඔහේට ටයිම් කීපර් වැඩේ බාරදුන්නේ නැහැනේ...! නීතිය හැමෝටම එකයි කියලා දැන්වත් තේරුම් ගන්න...

:       0       0

ජයනාත් Friday, 11 April 2025 08:55 PM

ඔය කියන කතාව සාමාන්‍ය ජනතාවටත් කියන්න පුළුවන්ද? දේශපාලන බලපුළුවන්කාරකම් වහා නැවැත්විය යුතුයි...

:       0       0

Rata Perata Friday, 11 April 2025 09:05 PM

රටේ පිළිකා රෝගීන්ට යාපනයේ ඉඳලා මහරගමට එන්න පුළුවන්. මේ මිනිස්සුන්ට අපේ සල්ලිවලින් සුඛෝපභෝගි වාහනත් දීලා කොළඹට එන්න බෑ. ගිහින් අල්ලගෙන එන්න තියෙන්නේ ඉන්න තැනකින්.

:       0       0

සීයා Friday, 11 April 2025 09:13 PM

මොකැයි කිව්වේ, මට හැවුන්නෑ..!

:       0       0

වික්‍රම විදුර Friday, 11 April 2025 09:17 PM

පිංවතුන් චූ යනවාට පැම්පස් කිහිපයක් පිනට දෙන්න බටලන්දේට

:       0       0

Srinath priyantha karunarathna Friday, 11 April 2025 09:30 PM

හිටපු විධායක කියලා නීතිය හැමටම එකයි , පිනාට ඇවිල්ල දැන් විධායක කියලා අලුත් කෑල්ලක් දාගෙන .

:       0       0

Rifan Friday, 11 April 2025 09:32 PM

කැදවීම නීත්‍යානුකූල නම්, රටේ පුරවැසියකු ලෙස බයිල නොගහ නීතියට අවනතව අදලා දිනයේ අදාල වේලාවේ අදාල ස්ථානයට පෙනීසිටීමයි කලයුතු වන්නේ.

:       0       0

සාධාරණ කොටා Friday, 11 April 2025 09:37 PM

අටපට්ටම් ජනාධිපති විරුවා පට්ටං වෙලයි නවතින්නේ...!

:       0       0

Jay Friday, 11 April 2025 09:55 PM

ඉතින්... ඔහේගේ කාලේ එහෙම වුණේ නැහැ තමයි. ඒකනේ...

:       0       0

ඇටකිච්චා Friday, 11 April 2025 11:19 PM

අටවන, කෙසේ වෙතත් “අටවපු” ජනාධිපති කිව්වා නම් හරි මගේ හිතේ...!

:       0       0

රනේ Saturday, 12 April 2025 06:19 AM

කලින් හොරු අල්ලන්නෑ කියල වැළළුණා නේද?

:       0       0

රාලහාමි Saturday, 12 April 2025 07:31 AM

ගරු කොමසාරිස්තුමනි, රනිල් කියන නාකි පිස්සා හිතාගෙන ඉන්නේ මිනිහා තවමත් ලංකාවේ ජනාධිපති කියලා. ඒක ඔහුගේ මානසික රෝගයක්...!!! ඒවායින් වැඩක් නැහැ. අදම පොලිසියේ රාළහාමිලා දෙන්නෙක් යවන්න ඔය මොලේ අමාරුකාර මිනීමරු බැංකු හොරාව පයින් එකක් දීලා බෙල්ලෙන් ඇදගෙන ඇවිත් රිමාන්ඩ් කරන්න කියලා. රිමාන්ඩ් එකේදී අතක් වත් තියන්න එපා. එයා මැරෙයි, මෙයාට ලෙඩ ජාති 100 කටත් වැඩිය තියෙනවලු...

:       0       0

Perera Saturday, 12 April 2025 07:55 AM

මෙයා අලි ඔළුවෙන් එන්න හදන්නේ. කනෙන් අල්ලලා එළියට දාන්න ඕනේ...

:       0       0

Hashan sanjula nicholas Saturday, 12 April 2025 08:32 AM

වේගවත් වෙන එක හොඳයිනේ අප්පා සීයා බයයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 750 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2404 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site