(නිමල කොඩිතුවක්කු)
අධිකරණ නියෝගයට අනුව දහතුන් ලක්ෂයක් පමණ වන රජයේ සේවකයන්, විශ‍්‍රාමිකයන්ගේ වැටුප් ලබාදීම සඳහා ගත යුතු පියවර ගන්නට නොහැකි වන පරිදි කැබිනට් මණ්ඩලය අකර්මණ්‍ය වී ඇති බවත් මෙය රජයේ සේවාවන් පවත්වාගෙන යන්නට හානිදායක ලෙස බලපා හැකි බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹ දී පැවසීය.
රට තුළ මතුවන අරාජික සභාවය පිළිබඳ මේ තත්වය ඇතිකළ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන්ටත්, ඒ අනුව තීන්දු දිපු අධිකරණයටත් වගකීම් බාර ගැනීමට සිදුවනු ඇතැයි ද නානායක්කාර මහතා සඳහන් කළේය.
සමාජවාදී ජනතා පෙරමුණ බොරැල්ල ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ අද (10) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා මෙසේද කීය.
‘‘ඇමරිකානු නාවික හමුදාව සැපයුම් සහ මෙහෙයුම් ඒකකයක් ලංකාවේ පිහිටුවා ගැනීමට කටයුතු කර තිබෙනවාය කියලා මාධ්‍ය මගින් වාර්තා කරලා තිබුණා. මේ විදියට විදේශීය හමුදා බලයකට රට පාවාදෙන අගමැතිවරයකුට මෙච්චර කල් ඉන්න දීපු එකම තමයි අපෙන් වෙච්ච වරද. රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීමට මේ වෙලා තිබුණු විනාශයත් එක්ක පෙබරවාරි 10 වැනි දා ලැබුණු ප‍්‍රතිඵලත් ජනාධිපතිවරයාට විශාල ධෛර්යක් ලැබුණා.
රනිල් වික‍්‍රමසිංහ මහතා විදේශීය සමාගම් වලට අපේ සම්පත් පාවා දෙනවා විතරක් නෙමෙයි. මේ රටේ ස්වෛරීභාවය, අපේ ආරක්ෂාවත් අහිමි වන ආකාරයට කටයුතු කරමින් යනවා. මේ ගැන අපි විශාල ජනමතයක් ගොඩනැගිය යුතුයි.
රනිල් වික‍්‍රමසිංහ දැන් දෙමළ, මුසුල්ම් මන්ත‍්‍රීවරුන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහය ඇතිව තමන්ගේ ආවරණය හදාගෙන ඉන්නවා. ජනාධිපතිවරයා රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එතුමා ගත්ත මේ තීරණය ජනයා අනුමත කරනවද නැද්ද කියලා බලන්න ජනමතයකට ප‍්‍රකාශ විමට ඉඩදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
’කැබිනට් මණ්ඩලය අකර්මණ්‍ය වෙලා’ - වාසු කියයි